වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ රෝහල්වල සිදු කෙරෙන සියලුම අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සැත්කම් නැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
පවතින අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිගය හේතුවෙන් පවතින සම්පත් කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ, නිර්වින්දනය කිරීම සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණවල දැඩි හිගයක් පවතින අතර බොහෝ රෝහල්වලට දැඩි අසීරුතා මැද මෙම සම්පත් කළමනාකරණය කර ගැනීමට සිදුව තිබේ.
අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිගයක් පවතින තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යංවරයා ඇතුලු අමාත්‍යංශ බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කරන බවට සෞඛ්‍ය අංශ චෝදනා කරමින් ඇත.
පසුගියදා මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තිය ආයතනය වන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍ය සංගම් ගණනාවක්ම මෙම ඖෂධ හිඟය භාවිත කරමින් ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ අනාරක්ෂිත මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමට උත්සාහ ගන්නා බවට අමාත්‍යංශය වෙත චෝදනාවක්ද එල්ල කළහ.







