මනම්පිටිය නිමල් ජයරත්න –
සෙවනපිටි මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ අඹුසැමි යුවළක් පිටවානෙන් වැටී සැඩ පහරට ගසාගෙන යෑමෙන් අනතුරුව සැමියා මියගොස් තිබේ.
බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට අවට සිටි පිරිස සමත් වී ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචිව සිටි එක්දරු පියකු වන 35 වියති එච්.එම්.රිස්වාන් නැමැත්තෙකි.
සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් ඇති ඔහුගේ සිරු සොයා ගැනීම සඳහා පැය දෙකක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට යුද හමුදාවට, සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ජීවිත ආරක්ෂක පිහිනුම් ඒකකයට සිදුවිය.
සැඩපහරට පිටවානෙන් පහළ වැටි ගසක එල්ලීම් ජීවිතය බේරාගත් බිරිඳ සුළු තුවාල ලබා ඇති පොලිසිය කියයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරයි.







