කීර්ති ප්‍රනාන්දු –
පසුගිය 25 දා හිඳෝගම විභාග මධ්‍යස්ථානයක් තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවියකට විභාග නිරීක්ෂකයෙක් විසින් ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ චූදිත නිරීක්ෂකවරයා හිඳෝගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ප්‍රශ්නයකට පිළිතුරු කියා දෙන්නට යන මුවාවෙන් කළ මේ අපචාරය සම්බන්ධව දෙපාර්තමේන්තු මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදුකර චූදිතයාට එරෙහි විනය පියවර ගන්නා බවද අමාත්‍යාංශ කියයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.








