සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාදයකට පැන තරුණ අඹු සැමි යුවලක් මරා දැමූ ඝාතකයන්ට වසරකින් පසුත් ඇප නෑ!

by editor
ජූලි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ පැන යුවලක් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසරක් පුරා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් හත් දෙනාට ඇප ලබා දීම වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් ඊයේ ( 25) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සිද්ධිය වූ නිවසේ 2023-07-23 දින උපන් දින සාදයක් පැවති අතර ඊට සහභාගී වී සිටි අඹු සැමි යුවලකව මරා දැමීමේ සිද්ධියට පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන සිටියි.

උපන් දින සාදයට සහභාගී වී සිටි අඹුසැමි යුවලේ කාන්තාව ඊට පෙර ග්‍රාම නිලධාරියෙකු සමග ඇසුරක් පවත්වා ඇති අතර එය නතර කොට වෙනත් අයෙකු සමග විවාහ වීම නිසා ඇගෙන් පලි ගැනීමට ග්‍රාම නිලධාරීවරයා විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත අඹූ සැමි යුවලම ඝාතනයට ලක් වූ බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වුණි.

එම සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි සුගන්දන් සහ ෆාතිමා සසීමා නැමති අඹු සැමි යුවලය.

එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනා දැනට වසරක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර ඔවුන්ව අවස්ථා 9 කදී වවුනියාව දිස්ත්‍රික් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප ලබා දී නොතිබුණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඒ බව සඳහන් කරමින් සැකකරුවන් වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත පෙත්සමක් ගොණු කොට තිබූ අතර එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතීඥ ආරුමුගම් ධනුසන් සහ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ඇප ලබාදීමට එරෙහිව කරුණු දැක්වූ නිසා වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ග කරමින් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පලවෙනි හා හත්වෙනි විත්තිකරුවන් දෙදෙනාගේ රිමාන්ඩ් කාලය නොවැම්බර් මස 1 වෙනිදා දක්වාද ඉතිරි පස් දෙනාගේ රිමාන්ඩ් කාලය පෙබරවාරී මස 25 දක්වාද දීර්ඝ කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක්… තිදෙනෙකුට තුවාල… 

Next Post

දැන් ඇවිත් තියෙන්නේ ජනාධිපතිවරයාටවත් විසඳිය නොහැකි ප්‍රශ්නයක්… එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම විසඳා ගත යුතුයි!… කතානායක අන්තිමට කියයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.