පොලිස්පතිවරයාගේ සේවා තහනම සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව හේතුවෙන් ජනාධිපතිවරයාටවත් විසඳිය නොහැකි ගැටලුවක් නිර්මාණය වී තිබෙන්නේ යැයි අද කථානායකවරයා ප්‍රකාශ කළේය.
එය නිවැරදි කරගත යුත්තේ නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම බව කතානායකවරයා කීවේය.
කතානායකවරයා සිය අදහස සංක්ෂිප්තව මෙසේ දක්වනු ලැබුවේය.
පොලිස්පති තුමාගේ සේවය තහනම්කරලා තියනවා. නමුත් මම කියන්න කැමතියි මෙතනදි 41සී වගන්තිය යටතේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවෙ එකඟතාවය ඇතිව පත්වුනු නිලධාරීන් ගැන වෙනම වගන්තියක් තියනවා. සී වගන්තිය යටතේ ඒ උදවියගේ තනතුර හිස් කරනවා නම් තනතුර නතර කරනවා නම් විශේෂ වැඩ පිළිවෙළක් තියනවා.
ඒ වැඩපිළිවෙළ අනුව ගිහින් ඕන ඒ කටයුත්ත කරන්න. එහෙම නැතිනම් ඒක ආයෙමත් සුප්‍රීම් උසාවියට ගිහින් සුප්‍රීම් උසාවියේ දි මේ තීන්දුව ගන්න වෙනවා.
මට පේන්නේ මේක දැන් ජනාධිපතිවරයාටවත් තීන්දුවක් ගන්න බැරි තැනක තියෙන්නේ. මෙතනදි මම වැරදි නම් තමුන්නාසේලා ඒක නිවැරදි කරගන්න උසාවියට ගිහිල්ලා.







