සාගර සහ වෙරළාරක්ෂාව නොතකා හැරීම හේතුවෙන් මැලේසියාවේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්ව ඇතැයි එරට හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය චින් තොන්ග් ප්‍රකාශ කර තිබේ.
විශේෂ ආරක්ෂක සම්මන්ත්‍රණයක දී ඔහු සදහන් කර ඇත්තේ අර්ද්ධීපමය රටක් ලෙස මැලේසියාව සාගර ආරක්ෂාව සදහා පුලුල් අවධානයක් යොමු කළ යුතු වුවත් සිදුවන්නේ වැඩි අවධානය පාබල ආරක්ෂාව සදහා යොමු කිරීම බවයි.
චීන වෙරලාක්ෂක යාත්‍රා කිසිදු පාලනයකින් තොරව මැලේසියාවේ අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුළුවන බවත් ඒවා පාලනය කිරීමට හැකියාව හෝ සම්පත් තම රට සතුව නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.
විශේෂයෙන් මැලේසියාවේ සරවක් සහ සබා ප්‍රදේශ චීන යාත්‍රාවල බලපෑමට නතුව ඇති බව ද ඔහු එහිදී අනාවරණය කළ බව විදෙස් වාර්තා සදහන් කරයි.
මේ අතර සාගරය හරහා විවිධ අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් මැලේසියාවට පිවිසෙන බවත් එය පාලනයට ද රාජ්‍ය අසමත් වී ඇති බවත් හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය චින් තොන්ග් පවසයි.