පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී පිරිනැමිණ.
මෙයට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූයේ ජයන්ත කැටගොඩ මහතායි.
ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.