ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද (14) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වි ඇත.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ. නාමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරනු ලබන්නේ ජනාධිපතිවරණයට එක්වන 37වන අපේක්ෂකයා ලෙසය.
ළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 20ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 16 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ.







