බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා… එක්නැලිගොඩ නඩුවේ චූදිත හිටපු බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න අත් අඩංගුවට…

by editor
ජූනි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව මහාධිකරණ ත්‍රිපුද්ගල නඩුවේ ප්‍රධාන චූදිතයෙක්වන යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද ත්‍රි කුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 වැනිදා දක්වා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වන්නේ 2010 වසරේ ජනවාරි මස 24 වැනිදාය. එදා සිට මේ දක්වා කළ විමර්ශනවලදී ආනාවරණය වී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවය. මේ අපරාධය සම්බන්ධ විශ්‍රාමික බ්‍රිගේඩිර් ෂම්මි කුමාරරත්න ඇතුළු 10 දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ. එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවතී.

එම චූදිතයින්ගෙන් එවකට ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ. ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධව රාජකාරි කළ පුද්ගලයින්ය.

අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකාරයින් ආරක්ෂා කිරීමේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද ත්‍රී කුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්වන සුරෙෂ් කුමාර් නැමැත්තාට තර්ජනය කර ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාගේ දුරකථන අංකයෙන් අවස්ථා කීපයක දී මෙලෙස මෙම සාක්ෂිකරුට තර්ජනය කර ඇතැයි හෙළි වී තිබේ.

මේ අතර පසුගිය 06 වැනිදා එම දුරකථන අංකයෙන්ම හිටපු හමුදා සාමාජිකයෙක් සිදුකළ තර්ජනයක් පිළිබඳවත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ඇතුළත් වී තිබේ.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට භාවිතා කළ දුරකථන අංකය ඔස්සේ විමර්ශනය සිදුකර කරුණු තහවුරු කරගෙන ඇති බව ද, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම කරුණු සලකා බලමින් ත්‍රී කුණාමලය අධිකරණය විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. ලබන 13 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩුවට ඔහු ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ හදන්නේ තියන ක්‍රමවේදය බිඳ දමන්න… අත් අඩංගුවට පත්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා… පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් පොරොන්දුවක්!

Next Post

කකුල් දෙකම බිඳී ගොස් රෝදපුටුවකට වැටුන ජීවිතයට අභියෝග කර ලෝකය දිනාගත් තරුණයා…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.