කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධව කළ ප්‍රකාශයකට අදාලව අමාත්‍ය බිමල් රත්නායක විසින් සිදුකළ පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මෙහිදී ප්‍රකාශයක් කළ උදය ගම්මන්පිල තමන් විසින් හෙළි කළ බහාලුම් 323ට දිලා ලයිස්තුව ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන මාධ්‍යයට දැන්වූයේය.
එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බව ද උදය ගම්මන්පිල කීවේය. එම නිලධාරීන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ගම්මන්පිල මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු යැයි කියා සිටියේය.







