ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි යන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් අතහ නිළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තුවන බවත්, ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් නොපමාව මේ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිඛිතව දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කමිටුවක් පත් කර ඇති බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර ඇති බැවද ක්‍රීඩා ඇමතිවරයා විසින් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රේග් බාක්ලී වෙත දැනුම් දීමක් කරමින් දන්වා සිටින්නේ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය සේම තමන්ගේ අපේක්ෂාව ද ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතුය යන්න බව ද අමාත්‍යවරයා එම ලිපියේ දන්වා ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සම්මේලනයන්හි කටයුතුවලට සම්බන්ධ වන්නේ රටේ නෛතික පරිසරය උඩ පමණක් බව ද ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇත
ඒ සම්බන්ධව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.







