ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය හේතුවෙන් අයිෆල් කුළුණේ රාත්‍රී කාලයේ ආලෝකකරණය නිවා දමන බව පැරිස් නගරාධිපතිනි ඈන් හිඩාල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ලේ පැරිසියන් පුවත් සේවය වාර්තා කරයි.
අභාවප්‍රාප්ත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීම සඳහා අයිෆල් කුළුණ අද රාත්‍රියේ එහි විදුලි පහන් නිවා දමනු ඇත,” හිඩාල්ගෝ නිවේදනයේ සඳහන් වේ. පැරිසියේ පොදු ස්ථානවලින් එකක් ඔහුගේ නමින් නම් කිරීමට තමන් යෝජනා කරන බව ද ඇය තවදුරටත් පවසා ඇත.
අයිෆල් කුලුණ යනු පැරිසියේ රාත්‍රී ආලෝක විචිත්‍රත්වය පිළිබඳව ලොව පුරා ජනතා ආකර්ෂණය ලද සම්භාව්‍ය බිම් සලකුණකි. නමුත් බැරෑරුම් අවස්ථාවන්හිදී ප්‍රංශ අගනුවර මෙම ප්‍රසිද්ධ ස්මාරකයේ විදුලි පහන් නිවා දමා සාමූහික ශෝකයේ හෝ උපහාරයේ සංකේතයක් බවට පරිවර්තනය කරයි.
ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබේ.
පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක්, බ්‍රසීලය සතියක ශෝක කාලයක් ස්පාඥඤයේ දින තුනක ශෝක කාලයක් ආදී වශයෙන් ලොව පුරා රටවල් ගණනාවක් ශෝක කාල ප්‍රකාශයට පත් කර ඇත.







