බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්පුට්නික් පළමු මාත්‍රාව ගත්තු නුවර එක්ලක්ෂ තිස්පන්දාහකට පාරට බහින්න බැරි වෙයි!

එක් මාත්‍රාවක් පමණකැයි අත්සන් අරන් එන්නත් දී අවුලට දැම්ම නුවර මිනිස්සුන්ගේ කතාව...

by editor
අගෝස්තු 27, 2021
in පුවත්
Vaccine
Share on FacebookShare on Twitter

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් කිසිවෙකුට රජයේ කාර්යාල ඇතුළු කිසිම පොදු ස්ථානයක් විවෘත නොවන බවට නිකුත් කර ඇති රජයේ නිවේදනය ප්‍රකාරව පළමු මාත්‍රාව ලෙස ස්පුට්නික් එන්නත ලබා ගත් මහනුවර එක්ලක්ෂ තිස් පන් දහසක ජනතාව කොවිඩ් අතරේ තවත් අර්බුදයකට තල්ලු වී ඇති ආකාරය වාර්තා වේ.

මේ වන විට කුණ්ඩසාලේ තෙල්දෙණිය ගඟවට කෝරළය සහ මහනුවර නගර සීමාවේ ජනතාව ගෙන් එක්ලක්ෂ තිස්පන්දහසක පිරිසකට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා දී නැත.

බරපතලම ප්‍රශ්නය ලෙස සෞඛ්‍ය අංශ දක්වන්නේ ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා දුන් අයෙකුට දෙවන මාත්‍රාවට සැකසූ එහි විශේෂිත එන්නත් මාත්‍රාවම ලබා දෙනවා විනා වෙනත් කිසිම එන්නතක් දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නොතිබීමය.

මේ වනවිට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස ලැබුණු සීමිත එන්නත් 15000ක ප්‍රමාණයෙන් කුණ්ඩසාලය සහ මහනුවර නගරසභා සීමාව තුළ පදිංචි වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වෙත දෙවන මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව ඉතා සීමිත මාත්‍රා ප්‍රමාණයක් ඉතිරි වී ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීමට පොරයක් නිර්මාණය වී ඇති අයුරු හෙළි වී ඇත.

“ අපි ඉතාම දැඩි පීඩනයක ඉන්නෙ. සෞඛ්‍ය අංශ කියනවා ඒ අයට මේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යයයි. ඔවුන් තමයි අවදානම් කියලා. අධිකරණ පද්ධතියෙ ඉන්න මහේස්ත්‍රාත්වරුන් ඇතුළු පිරිස් ඉල්ලීම් කරලා තියනවා කොවිඩ් දේහ පරීක්ෂණ වැනි කටයුතුවට නිරාවරණය වන නිසා ඔවුන්ට ප්‍රමුඛස්ථානය දෙන්න කියලා. මේ අතරෙ එක එක් දේශපාලකයන්ගෙ හැඳුනුම්කම් කියාගෙන දුරකථන ඇමතුම් දීගෙන හොරෙන් ඇවිත් හම්බවෙනවා මේ එන්නත් ගන්න. ඔබ හිතනවට වඩා මේ තත්වය සංකීර්ණයි.“

මහනුවර සෞඛ්‍ය බලධාරීහු ලංකාසරට පැවසූහ.

මෙම එන්නතේ දෙවන මාත්‍රාව පිළිබඳ කිසිවෙක් කිසිවක් ප්‍රකාශ නොකරන බවත්,  රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පමණක් සැප්තැම්බර් මස වනවිට තවත් එන්නත් මාත්‍රා තිස් පන්දහසක් පමණක් ලැබෙන්නට නියමිත ආකාරය ප්‍රකාශ කළ බවත්  එයත් තහවුරු කළ ප්‍රකාශයක් නොවන බවත් පළාත් සෞඛ්‍ය අංශ කියයි.

“ඒ තිස්පන්දාහක් ආවත් තවත් ලක්ෂයක් අසරණයි. මේ තත්වයට නුවරට ගෙනත් එක් එන්නත් මාත්‍රාවක් ඇති කියලා අත්සන් ගහලා එන්නත් දුන්නු දැන් සෞඛ්‍ය ඇමති නුවරට වෙලා තියෙන්නෙ මොනවද කියලා බලන්නෙ නෑ…“

බිම් මට්ටමේ සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වැළඳෙන රෝග ලක්ෂණ නැති හෘදයාබාධ මාරකයක්… විශේෂඥ වෛද්‍ය  ගෝඨාභය රණසිංහ හෙළි කරයි…

Next Post

තවදුරටත්  රට පුරා වැසි හා සුළං… දිස්ත්‍රික්ක 17කට මිලි මීටර් 100 ඉක්මවූ වැසි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.