දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිස හතර වෙනි වතාවටත් නිරෝධායන මධ්‍යස්ථානය තුළ විරෝධතාවයක් පවත්වා ඉන් අනතුරුව ඊයේ (14) ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.
මෙහිදී ගුරු සංගම් ලේකම්වරයා කියා සිටියේ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටින තමන් ඇතුලු පිරිස වහාම නිදහස් කිරීමට පියවර නොගන්නේ නම් නිරෝධායන මධ්‍යස්ථානය තුළ පවත්වන විරෝධතාවයන් තවත් දැඩි කරණ බවයි.
කුමන අන්දමේ අත් අඩංගුවක් යටතේ වූවත් යෝජිත කොතලාවල විශ්ව විද්‍යාල කෙටුම්පත පරාජය කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරණ බව කී ජෝෂප් ස්ටාර්ලින් පැවසුවේ කොළඹ හා ඉන් පිටත සෑම පළාතකම මේ වෙනුවෙන් විරෝධතා දියත් කරන බවයි.