බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් අතිරික්තයක් සංඛ්‍යලේඛනවල පෙන්වද්දී සහල් ආනයනය කිරීමට සිදුවන ඛේදවාචකය වෙළෙඳ ඇමති රටට කියයි!

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක සීමාවකට යටත්ව සහල් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ සහල් හිඟය මගහැරීමට රජයේ ආයතන හරහා මෙම සහල් ප්‍රමාණය ගෙන්වනු ලබන්නේ රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණයට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 480ක දළ සංචිතයක් වෙළෙඳපලට නිකුත් වී නැති පසුබිමක බවය. එය රටක් වශයෙන් අප අත් විඳින ඛේදවාචකයක් බවත් ඇමතිවරයා කීවේය.

“නිශ්පාදන අතිරික්තයක් තියන වග සංඛ්‍යාලේඛනවලින් පෙන්වනවා. ගොවියා අතේ වී නෑ. වෙළෙදපළේ පාරිභෝගිකයාට සහල් නෑ… ” ඇමතිවරයා කීවේ මේ තත්ත්වය අනාගතයෙ දී නියතවම වෙනස් වන බවය.

මාධ්‍ය හමුවේ ඇමතිවරයා මෙසේ පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“මේ කන්න දෙකේ පමණක් වී මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් අපේ රටේ වී නිශ්පාදනය තියනවා. මේ වී නිශ්පාදනයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් නාඩු වී තමයි අපි නිශ්පාදනය කරලා තියෙන්නේ. මේ නාඩු වී මෙට්‍රික් ටොන් 3.1ක හාල් කළාම මේකෙන් හාල් එන්නේ මෙට්‍රික් ටොන් මිලියන 2.1 ( ලක්ෂ 21) යි. ඒ මෙට්‍රික් ටොන් මිලියන 2.1 ( ලක්ෂ 21) මාස 12ට බෙදුවම මාසෙකට මෙට්‍රික් ටොන් 1,83,000ක් පාරිභෝජනයට දල ලෙස අපට ලැබෙනවා. නමුත් මාසිකව අපේ රටේ නාඩු සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතලිස් දාහයි.

ඔබ කල්පනා කරලා බලන්න. අතිරික්තය තියනවා මාසෙකට සහල් මෙට්‍රික් ටොන් හතලිස් දාහක්. අවරුද්දක අතිරික්තය ගත්තොත් (දළ වශයෙන් මෙට්‍රික් ටොන් 480ක් )….

සහල්වලින් කොටසක් ගන්නවා අරක්කු නිශ්පාදනයට. බියර් නිශ්පාදනයට. ඒක හරි පොඩි ප්‍රමාණයක් වී වලින් යන්නේ. එතකොට මේ වී කොහෙද තියෙන්නේ.

වීවලට පාලන මිලකුත් සහල්වලට පාලන මිලකුත් පැනෙව්වට පස්සේ පාරිභෝගිකයාට ලැබෙන්නේ නෑ සහල් ටික. ගොවියා අතේ වී ටික නෑ. නමුත් රටේ නිශ්පාදනයේ තියනවා අතිරික්තයක්…. ඉතින් අද මේ රටේ ඛේදවාචකය බවට පත් වෙලා තියෙන්නේ මේකයි.

ජනවාරි 15 විතර වෙනකොට අපේ රටේ මහ කන්නයේ වී අස්වැන්න එන්න ගන්නවා. මහ කන්න වී අස්වැන්න එන්න පටන් ගන්නකොට ගොවියාගෙ වී මිලට බලපෑමක් නොවෙන්නත් ඕන. පාරිභෝගිකයට සහල් උවමනාකමකුත් තියනවා.

මේ සියල්ල සැලකුවට පස්සේ අපි ගන්න පුලුවන් හොඳම තීරණය අරන් තියනවා. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා. රාජ්‍ය ආයතන දෙකක් රජය සතුව තියනවා සහල් ආනයනය සඳහා යොදා ගන්න පුලුවන්. ඒ රාජ්‍ය ආයතන දෙක සම්බන්ධ කරගෙන මෙට්‍රික් ටොන් 70000ක සීමාවකට යටත්ව සතොස සහ එස්ටීසී ආයතනයට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙනවා
මේ කෙටි කාලීන සහල් හිඟයට විසඳුම් සෙවීම සඳහා.

ආණ්ඩුව මේ තීරණය ගන්නෙම දෙසැම්බර් මාසේ 15ට පෙර අපි වෙළෙඳපලට සහල් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. සහල් මිල 220 මිලට වඩා උඩින් යන්න බෑ. ඊට අඩු වුනත් වැඩි වෙන්න බෑ. ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉවත් කරන්න යන බව කියන යුද හමුදා කඳවුරේ ඇත්ත කතාව…

Next Post

ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කර රවී කරුණානායකගෙ නම මැතිවරණ කොමිසමට යැව්වේ හොරෙන් නෙමෙයි… රනිල්ටත් කියලා… ගෑස් සිලින්ඩරයේ ලේකම් කට අරී….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.