අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලි නැතිවත් මට පකිස්ථානයෙන් ඉන්දියාවෙන් කුඩු ගෙන්නන්න පුලුවන්… අත් අඩංගුවට පත් බලපිටියේ බොබ්මාලි කියයි!

අත් අඩංගුවට ගත් චීවරධාරියාත් කුඩු ජාවාරමට සම්බන්ධයි… පාවිච්චි කළ ජංගම දුරකථනයේ “බ්ලූ” පිරිලා….

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – ජයකාන්ත ලියනගේ – 

අත්අඩංගුවට ගනු ලැබු  ප්‍රධාන පෙළේ මත්කුඩු  ජවාරම්කරුවෙකු  වන කලුදුර චමින්ද තාබ්‍රේව් නොහොත් බලපිටියේ බොබ්මාලි නැමති  අනවර්ථ නමින් හැදින්වෙන අපරාධකරු භාවිතා කරනු ලැබු ජංගම දුරකථන සම්බන්ධව පරික්ෂණ කටයුතු සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනිමට නියමිතව ඇති බව ඕපාත පොලිසිය පවසයි. 

ඩුබායි හි සිටින මත් කුඩු ජාවාරම්කරුවෙක් වූ කොස්ගොඩ සුජී ගේ  මත්කුඩු රට තුළ ජාවාරම් කිරීම මෙම පුද්ගලයා සිදුකර ඇතැයි බුද්ධි තොරතුරු හෙළි කර ඇත.

 අත්අඩංගුවට ගනු ලැබු සැකකරු හා අනෙක් සැකකරුවන් තිදෙනා අද (02)  උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට දින 04ක රැදවුම් නියෝගයක් ලබාගෙන  තවදුරටත් ප්‍රශ්න කිරිමට නියමිතව ඇති බව පොලිසිය පවසයි. 

අනෙක් සැකකාර චීවරධාරියා හා කාන්තාව ඇතුළු තිදෙනා (03) 2023 නොවැම්බර් මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්තුමිය නියෝග කළේය.  රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන තිදෙනාය.

මෙම මත්කුඩු ජාවාරම්කරු සන්තකයේ තිබි රුපියල් හය ලක්ෂ දෙදහස්පන් සියයක මුදලක් හා නවිනපන්නයේ ජංගම දුරකථන 04ක්  රවුටර් ඇතුළු උපකරණ  පොලිසිය මගින් සොයාගෙන ඇත. මොවුන් ඕපාත විරපාන ප්‍රදේශයේ නිවසක සැඟවි සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිසිදු මුදලක් නොමැතිව වුවද  පාකිස්ථානය, ඉන්දියාව යන රටවලින්ද තමන්ට මත්කුඩු ජාවාරම  සිදුකළ හැකි බව මෙකී ජාවාරම්කරු පොලිසියට ප්‍රකාශකොට ඇත.  බලපිටයේ බොබ්මාලි නමින් හැඳින්වෙන මෙම අපරාධකරු  2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.   ඔහු අත් අඩංගුවටගත් අවස්ථාවේ සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි

චිවරධාරියාද මෙම  මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. චිවරධාරියා මෙම මත්කුඩු ජාවාරම්කරුට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව අනාවරණය වි තිබේ. ඒ සදහා මත්කුඩු ජාවාරම්කරු විසින් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් චිවරධාරියාට මිට සතියකට පමණ ඉහතදි ලබා දි ඇත.

 මත්කුඩු ජාවාරම්කරු මෙම නිවසට පැමිණ ඇත්තේ විදේශගතවිමේ අරමුණින් ද නැනහොත් මෙම නිවසේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවිම සදහා ද යන්න පිළිබද පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇත. චිවරධාරියාගේ දුරකථනය පරික්ෂාකිරිමේ දි  එහි අසභ්‍යදර්ශන තිබු බවද  පොලිසිය පවසයි.

මොවුන්  රැඳී සිටි නිවස  චිවරධාරියා ගිහිකළ සිටි නිවස වන අතර මිට සතියකට පමණ පෙර මොවුන්   මෙම නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි. 

ඕපාත පොලිසිය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්කුඩු ජාවාරම්කරු සිටි නිවස වටලන අවස්ථාවේ දී ඔහු තම බිරිඳ හා  චීවරධාරියා සමග  අසල තිබූ කැලයකට වැදි සැඟවීමට උත්සාහ කොට ඇත. 

පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  චන්දිමාල් ද සිල්වා, උපපොලිස් පරික්ෂක අමරසිංහ, පො සැ (58833) ජයන්ත, පොලිස් කොස්තාපල්වරුන්වන 62518 අජිත්,82545 තුසිත,104455 විරසිංහ, යන නිලධාරින් හා  ක.පො කො 12588 මදුෂා යන නිලධාරිනිය මෙකි වැටලිම සදහා එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රෝටීන් අඩු පිටි වැඩි කෑම නිසා පොඩි උන් ස්ථුල වෙලා… පවුල් සෞඛ්‍ය කාර්යාශයෙන් අනාගත ව්‍යසනයක් ගැන අනතුරු ඇඟවීමක්!

Next Post

තහනම් කළ යුධ ස්මාරකය අභියස යාපනය සරසවි සිසුවෝ යුද්ධයෙන් මිය ගිය අය සමරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.