ලලිත් චාමින්ද – ජයකාන්ත ලියනගේ –
අත්අඩංගුවට ගනු ලැබු ප්‍රධාන පෙළේ මත්කුඩු ජවාරම්කරුවෙකු වන කලුදුර චමින්ද තාබ්‍රේව් නොහොත් බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නමින් හැදින්වෙන අපරාධකරු භාවිතා කරනු ලැබු ජංගම දුරකථන සම්බන්ධව පරික්ෂණ කටයුතු සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනිමට නියමිතව ඇති බව ඕපාත පොලිසිය පවසයි.
ඩුබායි හි සිටින මත් කුඩු ජාවාරම්කරුවෙක් වූ කොස්ගොඩ සුජී ගේ මත්කුඩු රට තුළ ජාවාරම් කිරීම මෙම පුද්ගලයා සිදුකර ඇතැයි බුද්ධි තොරතුරු හෙළි කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරු හා අනෙක් සැකකරුවන් තිදෙනා අද (02) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට දින 04ක රැදවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරිමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.
අනෙක් සැකකාර චීවරධාරියා හා කාන්තාව ඇතුළු තිදෙනා (03) 2023 නොවැම්බර් මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්තුමිය නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන තිදෙනාය.
මෙම මත්කුඩු ජාවාරම්කරු සන්තකයේ තිබි රුපියල් හය ලක්ෂ දෙදහස්පන් සියයක මුදලක් හා නවිනපන්නයේ ජංගම දුරකථන 04ක් රවුටර් ඇතුළු උපකරණ පොලිසිය මගින් සොයාගෙන ඇත. මොවුන් ඕපාත විරපාන ප්‍රදේශයේ නිවසක සැඟවි සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කිසිදු මුදලක් නොමැතිව වුවද පාකිස්ථානය, ඉන්දියාව යන රටවලින්ද තමන්ට මත්කුඩු ජාවාරම සිදුකළ හැකි බව මෙකී ජාවාරම්කරු පොලිසියට ප්‍රකාශකොට ඇත. බලපිටයේ බොබ්මාලි නමින් හැඳින්වෙන මෙම අපරාධකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ. ඔහු අත් අඩංගුවටගත් අවස්ථාවේ සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි
චිවරධාරියාද මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. චිවරධාරියා මෙම මත්කුඩු ජාවාරම්කරුට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව අනාවරණය වි තිබේ. ඒ සදහා මත්කුඩු ජාවාරම්කරු විසින් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් චිවරධාරියාට මිට සතියකට පමණ ඉහතදි ලබා දි ඇත.
මත්කුඩු ජාවාරම්කරු මෙම නිවසට පැමිණ ඇත්තේ විදේශගතවිමේ අරමුණින් ද නැනහොත් මෙම නිවසේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවිම සදහා ද යන්න පිළිබද පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇත. චිවරධාරියාගේ දුරකථනය පරික්ෂාකිරිමේ දි එහි අසභ්‍යදර්ශන තිබු බවද පොලිසිය පවසයි.
මොවුන් රැඳී සිටි නිවස චිවරධාරියා ගිහිකළ සිටි නිවස වන අතර මිට සතියකට පමණ පෙර මොවුන් මෙම නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
ඕපාත පොලිසිය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්කුඩු ජාවාරම්කරු සිටි නිවස වටලන අවස්ථාවේ දී ඔහු තම බිරිඳ හා චීවරධාරියා සමග අසල තිබූ කැලයකට වැදි සැඟවීමට උත්සාහ කොට ඇත.
පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා, උපපොලිස් පරික්ෂක අමරසිංහ, පො සැ (58833) ජයන්ත, පොලිස් කොස්තාපල්වරුන්වන 62518 අජිත්,82545 තුසිත,104455 විරසිංහ, යන නිලධාරින් හා ක.පො කො 12588 මදුෂා යන නිලධාරිනිය මෙකි වැටලිම සදහා එක්ව සිටියහ.