අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය එකඟවෙයි… පොහොට්ටුවෙන් ස්වාධීන වුන ඩලස්ලාත් එකඟයි…

by editor
අගෝස්තු 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවේ    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම   ඇතුළු කණ්ඩායමත්  අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ   හමු වී සාකච්ඡා  කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවට ජනාධිපතිවරයා    ගරු කිරීම පිළිබඳ ස්තූතිය පළ කළ හිටපු මෛත්‍රීපාල සිරිසේන  සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සිය පක්ෂයේ සම්පූර්ණ සහාය ලබාදෙන බව  කීවේය.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ පිළිගත් ක්‍රමයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතු බවය. ඒ සඳහා සියලු දෙනා එක්ව එය සාර්ථක කරගත යුතු බවත් ඔහු  පෙන්වා දුන්නේය.

ජනතාව ඉල්ලූ වෙනස මේ වන විට සිදු වී ඇති බව පෙන්වා දුන් ශ්‍රී.ල.නි.ප. ජාතික සංවිධායක දුමින්ද දිසානායක  , සුනාමි අවස්ථාවේ දී මෙන්ම යුද ජයග්‍රහණයේදීත් අත්හැරුණු අවස්ථා මේ මොහොතේ අත්නොහැර රට නිවැරදි මාවතට හරවාගැනීමට පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා 11කින් සමන්විත වැඩපිළිවෙළෙ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ලබාදීම ද අද සිදු කෙරිණ.

රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අංගජන් රාමනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන  ඇතුළු කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ වසර 10කට ගැළපෙන ආර්ථික සැලැස්මක් සැකසීම සඳහා සියලු දෙනා එකාවන්ව ඊට පදනම දැමිය යුතු බවයි.

මෙහිදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ විධිමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බවයි. ඩිලාන් පෙරේරා, චරිත හේරත්, නාලක ගොඩහේවා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කර, රට ගොඩනැගීමේ තීන්දු තීරණ ගැනීම සර්ව පාක්ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  .

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දෙවැනි කුඹල් පෙරහර අතර දරුවෙක් අතුරුදහන්!

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවට සජබ – ජනපති හමුව හෙට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.