සරසවි සිසුන්ට මාසිකව ලැබෙන මහපොළ ශිෂ්‍යාධාර මාස හතරක් තිස්සේ ගෙවා නැති බව වාර්තා වේ.
මේ වනවිට එක් ශිෂ්‍යයෙකුට රුපියල් විසි දහසක මුදලක් ලැබෙන්නට ඇති බවත්, අවසන් වරට ඔවුන්ට මහපොල ගෙවා ඇත්තේ ඉකුත් පෙබරවාරියේදී බවත් පැවසේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ සරසවි සිසුන්ගේ මාර්තු සහ අප්‍රේල් මහපොල ශිෂ්‍යාධාරය ඉදිරි දින කීපය තුළ ඔවුන්ගේ බැංකු ගිනුම් වෙත වැටෙනු ඇති බවය.
මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වීමෙන් මහපොල භාරකාර අරමුදලට කෝටි 31 වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.







