සමගි ජන බලවේගයට සහාය දීම සඳහා ගත් තීන්දුව යළි සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්. සුමන්තිරන් පැවසුයේ.
ඔහු මේ බව ප්‍රකාශ කෙළේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි. එහිදි මන්ත්‍රීවරයා මෙසේ සිය ස්ථාවරය පැහැදිලි කළේය.
අපි පක්ෂය ගත්ත තීන්දුව යළි සලකා බැලිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා සහ ශ්‍රි ධරන් මහතා යෝජනා කරලා තිබුණා.
නමුත් එය යළි සලකා බලන්න අවශ්‍ය නැති බව අප ප්‍රකාශ කරලා තියනවා. ඒක නිසි ක්‍රමවේදයට අපේ පක්ෂය ගත්ත තීන්දුවක්. ඔවුන් දෙදෙනාත් ඒ බව පිළි අරන් තියනවා.
ඒ නිසා ඉදිරි කටයුතු පිළිබඳව යළි සාකච්ඡා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස සමග කියන එකත් ඔවුන් පිළි අරන් තියනවා. එම්. සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.
එහිදි අනුර කුමාර දිසානායක ජනාධිපති වුනොත් ඔහු සමග කටයුතු කළ හැකිදැයි මාධ්‍යවේදියෙක් සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඇසුවේය.
“ඔව්… අපි ඒකට ලෑස්තියි. යහපාලන රජයේ දි අපි එකට කටයුතු කළා. බලයට ඇවිත් අප විපක්ෂයේ සිටියත් ඔවුන් එක්ක කටයුතු කරන්න ගොඩාක් දේවල් තියනවා. විශේෂයෙන් වංචාව දූෂණයට එරෙහිව. ”
“සීනි බදු වංචාව ගැන නඩුවක් ඉදිරියේ දි එනවා. ඒ නඩුව පවරා තියෙන්නේ සුනිල් හඳුන්නෙත්ති. මම ඒ නඩුවේ ඔහුගේ නීතිඥවරයා. ” සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවේය.







