සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සමගි ජන බලවේගය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) සවස 5.00ට සමගි ජන බලවේග කළමනාකරණ කමිටුව වෙත භාර දීම කටයුතු කරන බව එම කමිටු සාමාජික නිරෝෂන් පාදුක්ක පවසයි.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ පක්ෂය විසින් පත් කරන ලද කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න , එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන් සහ තමන් විසින් සකසන ලද මෙම කමිටු වාර්තාවෙන් පක්ෂ දෙක එක්ව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අදාළ කරුණු ඉදිරිපත් කර ඇති බවයි.
පක්ෂ එක්ව කටයුතු කරන ආකාරය මෙන්ම මැතිවරණවලට තරඟ කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් කරුණු අවධාරණය කර ඇතැයි වාර්තා වේ.







