බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සද්දෙට පිපිරෙන උතුරේ බෝම්බවල නෑසෙන කතාව කුමක් ද?

by editor
ජූලි 13, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පසුගිය වකවානුව පුරාම  උතුරේ වරින් වර බෝම්බ පිපිරුණේය. ඒ එකම රිද්මයකටය.  පිපිරෙන්නේය. සද්දය ඇසෙන්නේය. සිද්ධිය ගැන ආන්දෝලනයක් ඇති වන්නේය. සමහර විට සුළු තුවාල සහිතව රෝහල් ගතවුණු පුද්ගලයන්ගේ ඡායාරූප සංසරණය වන්නේය. හමුදාවේ,  පොලිසියේ  නැතිනම් කුමණ හෝ ආරක්ෂක අංශයක සාමාජිකයෙක් සිද්ධියට ගොදුරු වී නම් ඊට ලැබෙන ප්‍රතිචාරය වැඩිය.

මෙය ලියැවෙන මේ මොහොතේදීත් උතුරේ   බෝම්බයක් පිපිරී ගොස් ඇත. යාපනයේ කීරිමලේ කූවිල් ප්‍රදේශයේ 12 දා සවස පිපිරී ගිය ඒ බෝම්බයෙන් තිදෙනෙක් තුවාල ලබා   යාපනය ශීක්ෂණ  රෝහල වෙත ඇතුළත් කොට තිබේ.   මේ සම්බන්ධව පොලිසිය විසින්   අද (13) පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.  ඔවුන් පවසන්නේ ගමේ ක්‍රීඩාංගණය කෙලවරක වූ කසල ගොඩක තිබූ බෝම්බයක් එම කසල වලට ගිනි තැබීම නිසා පුපුරා ගිය බවයි.

නමුත් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඒ අසල නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ. එම පුපුරණ ද්‍රව්‍ය වලින් කොටසක් යොදාගෙන  කළ යම් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් ලෙස මේ පිපිරීම සිදු වන්නට ඇතැයි බුද්ධි නිලධාරීහු කල්පනා කරති.

මිය ගිය හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයා…

කෙ‍සේ වෙතත් මේ පෙළගැහෙන සිද්ධි මාලාව පසුගිය සතියේ රට තිගස්වන සිද්ධියකින් තීව්‍ර වුනේය. ඒ කිළිනොච්චිය   පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ පිහිටි නිවසකදී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්   බෝම්බය  සකසමින් සිටියදී සිදු වූ අත් වැරැද්දකින් පිපිරී ගිය බෝම්බයක් නිසා මිය යෑමත් සමගය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ බෝම්බය පිපිරී යන අවස්ථාවේදී නිවසේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිය ද තුවාල ලැබීය. තුවාල ලැබු ඇය ගුරුවරියකි. ඇගේ තුවාල එතරම් දරුණු තුවාල නොවීය.  බෝම්බය පිපිරීම ඇසින් දුටු එකම සාක්කිය ඇය පමණක් නිසා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් ඇයද අත් අඩංගුවට ගනු ලැබීය.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමට අනුව කිළිනොච්චියේ දී තවත් අයෙකු අත් අඩංගුවට ගැනුණි. ඔහුත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි. ඔහු රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලියට ලක් වීමෙන් පසුව  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී එහි සේවය කොට තිබේ.

ඔහුගෙන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ප්‍රශ්න කරගෙන යන අතර වාරයේදී බෝම්බ පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි පුද්ගලයා අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.  මේ අතර ඔහුගේ සගයා නිලධාරීන්ට බොහෝ දේ ප්‍රකාශ කර තිබිණි.

ඒ ප්‍රකාශයන්ට අනුව මියගිය කොටි සාමාජිකයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකි. නමුත් ඔහු වැඩ්ඩෙක් වී  සිටියේ සන්නද්ධ අංශය තුළ නොව බුද්ධි අංශය ය. ඔවුන්ගේ බුද්ධි ජාලයේ යම් යම් සුන්බුන් තවමත් සක්‍රීය බව පෙනුනේ මේ පිපිරීමත් සමගිනි.  මේ තැනැත්තාට බෝම්බ පිපිරීම සකස් කිරීම හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශාල දැනුමක් හා පලපුරුද්දක් නොමැති නමුත් මොහුව ඒ සඳහා මෙහෙයවන ලද හා යොමු කරණ ලද පිරිසක් විදේශයක සිටියහ.

අන්තර් ජාලය හරහා බෝම්බ සැකසීමට උගත් මොහු මේ බෝම්බය නිපදවන ලද්දේ සෑම වසරකම ජූලි  පස් වෙනිදාට යෙදෙන කලු කොටි දිනය සැමරීම සඳහා බව කියැවේ.

ජූලි තුන් වෙනිදා සවසම කලුකොටි දිනය සැමරීමට සැකසූ බෝම්බය පිපිරී ගියේය.  ඔහු විසින් නිපදවන ලද මේ බෝම්බය ඉතා ප්‍රාථමික ගණයේ බෝම්බයක් බව ආරක්ෂක අංශ වාර්තා කළේය. එහෙත් මියගිය   බෝම්බකරු විසින් මේ පුපුරා ගිය බෝම්බයට අමතරව තවත් බෝම්බ තුනක් සකසා ඒවා මීට ඉහතදී පුපුරවා හැර ඇති අයුරු ආරක්ෂක අංශ හෙළි කර ගත්තේය. මාස දෙකක් ඇතුළත විටින් විට උතුර රත් කළේ ඒ පුපුරා ගිය බෝම්බය.

යාපනයේ පේදුරුතුඩුව වල්ලිපුරම් කෝවිල් මාර්ගයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගෙන ඔහු   බෝමබ පිපිරවීමක් සිදු කර තිබිණි. ඉන් එක් පොලිස් නිලධාරියෙක් සුළු තුවාල ලැබීය. එම බෝම්බය පුපුරවා හැරීම වැලි ජාවාරම්කරුවන්ගේ ගිණුමට බැර වූයෙය්. එහෙත් එය පුපුරවා තිබුණේ මොහු විසිනි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ පළාතේ වැලි ජාවාරම්කරුවන් හා තවත් අය ඇතුලුව හතර දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද නමුත් නියම බෝම්බකරු ඒ ගොඩට හසු නොවීය.

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේදී හා අරියාලේ ප්‍රදේශයේදී තවත් අවස්ථා දෙකකදී බෝම්බ පිපිරුණි. ඒ බෝම්බවල නිපැයුම්කරුද මොහුම බවට තොරතුරු වාර්තා විය.

අපව සිතන්නට පොළඹවන කාරණාවක් දැනට සිදු කරමින් යන පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. එකක් නම්  උතුරේ මේ සියලු දෙනාම මෙහෙයවනු ලබන්නේ ප්‍රංශයේ සිට බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මරණකරුවා මිය යෑමට පෙර දුන් සාක්ෂියකින් සඳහන් කර ඇත්තේ වැඩි හානි නොවන සේ බෝම්බ පිපිරීමට ඔහුට උපදෙස් ලැබී තිබුණු බවය.  ඒ සඳහා ලක්ෂ තුනහමාරක මුදලක් ඔහුගේ ගිනුමට බැර වී ඇති බවය.

මේ සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි යළිත් වරක් සිතා බලනු වටී. මේ පිපිරීම් මාලාව සඳහා සම්බන්ධ වී සිටින්නේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ සාමාජිකයෙක් නොව බුද්ධි සාමාජිකයෙකි.

මෙතෙක් මාලු කාරයෙක් සතුව ඩයනමයිට් එකක් හෝ නොතිබුණු පරිසයක බෝම්බ පුපුරුවන්නට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ඕනෑ තරමට පුනරුත්තාපිතව සාමාන්‍ය ජීවිත ගතකරන පුද්ගලයන්ට ලැබේ.

අරමුණු සහගතව එල්.ටී.ටී.ඊ.ය සන්නද්ධ කර දේශපාලන හෝ යුදමය ඉලක්කයක් සඳහා මෙහෙයවීමට අවශ්‍ය පරිසරයක් මේ මොහොතේ රට තුළ හෝ ජාත්‍යාන්තරය තුළ නැත. එමෙන්ම මේ පවතින්නේ එල්.ටී.ටී.ඊ.යට නින්දා සහගත පරාජය අත් කරදුන්, හමුදාමය පෞරුෂයක් සහිත ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයාගේ ආණ්ඩුවය.

ජීවිත හෝ දේපලවලට හානි නොවී දකුණට ඇහෙන්නට සද්දෙට පුපුරා යන බෝම්බවල අර්ථය   සමහර විට ඇත්තේ වෙනස් තැනක වන්නට පුලුවන

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් පහළොස් දාහක අල්ලසක් ගනිද්දී යක්කල අයි.පී අල්ලයි

Next Post

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවෙයි

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.