බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට තබා ප්‍රශ්න ටික කලින් නොලැබෙන පුවත්පත් සාකච්ඡාවකටවත් නොඑන්නේ ඇයි?

ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කැවීම අතීසාරයට හේතුවක් විය හැකිය!

by editor
සැප්තැම්බර් 18, 2024 - Updated on සැප්තැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

බුද්ධාගම ප්‍රමුඛ කොට සැලකීම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ.

මේ වගන්තිය තුළ ගැබ්වී ඇත්තේ ඉතිහාසය ගලාගෙන පැමිණි රිද්මය ය. රට බෞද්ධ වන්නේ දෙවනපෑතිස් රජ දවසම රාජ්‍යය බෞද්ධ ශාසනයට පැවරීමෙනි.  එතැන් සිට අනුරාධපුර මුල් යුගයේ දී රටේ රාජ්‍යත්වය ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගෙන් සංකේතවත් වූයේය. සතුරු ආක්‍රමණ සහිතව සිංහලයේ රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වූ අවස්ථාවේ දී රාජ්‍යත්වය තහවුරු කිරීමේ ජංගම සහතිකය වූයේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන්වහන්සේය. එතැන් සිට මේ මහා පූජනීය සංකේත දෙක ඉතිහාසයේ සෑම කලෙකම පැවතියේ පූජනීයත්වයත් පසුකොට මතුවන දේශපාලන බල ඛේතයක් ලෙසය. එම බල සංකේතය පසුබිමේ අතෝරක් නැති පාවාදීම්, ඝාතන, කුමන්ත්‍රණ සහිත දේශපාලනයෙන් විපරීත කළ රුධිර ගංගා ගලා ගියේය. 

රාජ්‍ය නායකයා බෞද්ධයෙක් විය යුතු බවත් බෞද්ධාගම රක්ෂා කිරීම රාජ්‍ය භාරය දැරීමේ ප්‍රමුඛතම සුදුසුකම බවත් සම්ප්‍රදාය විය. ඕනෑ තරම් අබෞද්ධයෝ රජකම ගැනීමට බෞද්ධ වූහ. සිය ඇඳුම මාරු කළහ. එමෙන්ම මේ මනුෂ්‍ය සමාජයට නොගැලපෙන නොහොබිනා කුපාඩිකම් වෙනුවෙන් බෞද්ධකම අවලමේ යැවූහ. බෞද්ධකම හුදු ආගමික සංස්කෘතික සම්ප්‍රදායකට වඩා මේ රටේ යොදාගෙන තිබුණේ රජවරුන්ගේ තුච්ඡ අමනකම්, සොරකම්, තිරිසන් මැරකම් සමාජය ඉදිරියේ කළමනාකරණය කරගැනීමේ දේශපාලන මෙවලමක් ලෙසිනි.

ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියට බෞද්ධාගම ප්‍රමුඛකොට සැලකීම පිළිබඳ වගන්තිය එක් වන්නේ මේ ඉතිහාසයේම කොටසක් ලෙසය. ව්‍යවස්ථාපිතව තහවුරු වූ එම වගන්තිය පැවතීම සම්බන්ධව මේ රටේ කිසිම පුද්ගලයෙකුට ගැටලුවක් වන්නේ නැත. එය ව්‍යවස්ථාපිතව රක්ෂා වුන පමණන් බෞද්ධයින්ට සිදුවූ අහවල් දෙයක් ද නැත. එසේ තිබුණා නම් වසර දහස් ගණනක ලිඛිත සාධක සහිත විද්‍යාත්මකව සාධනය කළ බෞද්ධ සම්ප්‍රදායේ උතුම් සංකේත බඳු ජාතික උරුමයන් වූ කුරුන්දි මහා විහාරයට, මුහුදු මහා විහාරයට, වඩ්ඪමාන පබ්බත විහාරයට අතාර්කික ජාතිවාදී මැදිහත්වීම් තුළ මේ ආකාරයට කෙළවෙන්නේ නැත. පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව තහවුරු කර ගැසට් කරන ලද පුරාවිද්‍යා රක්ෂිත රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ලෙස ගිය අවුරුද්දේ දී  ජාතිවාදී දේශපාලන අවශ්‍යතාමත පදනම්ව නිදහස් කරන කුපාඩි තීන්දු ගන්නේ නැත.

තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මේ ව්‍යවස්ථාපිත සාධකය අවලමේ යවන දේශපාලනය නැවත එය සිය බලය තහවුරු කරගැනීම සඳහා ද නැවත අවභාවිතා කරන ආකාරය මේ වනවිට අපි අත්විඳිමින් හිඳිමු. බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබා දෙන බවට සහතිකවන මේ වගන්තියට දේශපාලකයින් විසින් ලබාදෙන තහවුරුව මේ වනවිට ජනාධිපතිවරණ ඡන්ද සටනේ ප්‍රධානම කථිකාවක් ගොඩනගා ඇත.

9 වැනි ව්‍යවස්ථාව ප්‍රශ්නයක් ද?

මනුෂ්‍යයින් චින්තනමය වශයෙන් යම් දියුණු තලයක සිටිනවා නම් ව්‍යවස්ථාවේ මේ වගන්තිය සම්බන්ධව සංවාදයක්වත් ඇතිවිය යුතු නැත. සියලුම ආගම් ප්‍රමුඛ කොට සැලකා ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කිරීම දියුණු සංස්කෘතික සමාජයක උතුම් මානව ගුණයකි. එහෙත් එය අපට අදාල නොවන්නේ මෙම වගන්තිය මැතිවරණ සමයේ දී එළියට ඇදගෙන තොරොම්බල් කරන බෞද්ධ දේශපාලන සමාජය මෙන්ම මේ වගන්තිය ඉවත්කර සියලුම ආගම්වලට ප්‍රමුඛතාවය ඉල්ලන හින්දු දේශපාලන සමාජය ඇත්තේ ද අන්ත අගතිගාමී පටු ඡන්ද කෙළියක බැවිනි. මුන් දෙගොල්ලම ආගමක් මෙන්ම ජාතිකයක් ද නැති බලය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පාවාදීමක් පාදඩකමක් කළ හැකි දේශපාලන සොම්බියන්වීම එහි බරපතලකම වැඩි කරන්නේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ආගම ජාතිය ඇවිලවූ දේශපාලන වේදිකාව

උන්ගේ  ඒ ගෝත්‍රික හැසිරීම යළිත් මේ දේශපාලන කරලියේය. දැනුම්වත් සමාජයේ මිනිස්සුන්ට වඩා පහළින් ඉඳිමින් උන් ඒ තිගැස්ම ඇතිකිරීමට උත්සාහ කරන්නේ තමන්ගේ පාලන ක්‍රමය විසින්ම දරිද්‍රතාවයේ ගිල්වූ සමාජයේ පහළම තීරුව කුළුගන්වමිනි. මේ අවලම් දේශපාලන විකාරය ගොතා පල කරන්නේ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ වීම ඔහු සම්බන්ධව වැඩි බරකින් මේ සටහන තබන්නට අපව පොළඹවන්නේය.

අප දුටු සාධනීය ලක්ෂණයක් වන්නේ සමස්ථයක් ලෙස අවසන් මොහොතවනතුරු ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන මාතෘකා මේ ඡන්ද සටනේ දී  දේශපාලන වේදිකාවල ඇසෙන්නට නොතිබීමය. දූෂණය තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය, සංවර්ධිත රාජ්‍යයක් සඳහා යන ගමන, තාක්ෂනික ලෝකයේ රට සතු පංගුව පිළිබඳ සාපේක්ෂව ඉහළ සංවාදයක් ඉතිහාසයේ මුල්ම වතාවට දේශපාලන වේදිකාවල ඇති විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේත් ජාතික ජන බලවේගයේ වේදිකාවේත්, මුල් අවස්ථාවේ දී සමගි ජන බලවේග වේදිකාවෙත් ගොඩනැගුනේ මේ බුද්ධි ගෝචර සංවාදය ය.

එහෙත් සජිත් ප්‍රේමදාස අවසන් මොහොතේ දී මේ විචක්ෂණ සංවාදය මත පැහැරුවේය. පදනම් රහිත කුපාඩි කතා ඔහුගේ දේශපාලන වේදිකාවෙන් මතුවන්නේ දේශපාලන බලය සම්බන්ධව සමාජ විචලනයක් සන්නිවේදනය වීමත් සමග වීම කැපී පෙන්නෙන්නේය.

ඒ වනවිට සිය ප්‍රමුඛම ප්‍රතිවාදියා වෙත සජිත් ප්‍රේමදාස සිය අලජ්ජී ගෝත්‍රික වියරුව මුදා හැරියේය. දළදා පෙරහර නවත්වන්නට ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ සිදුවන බව තිස්ස අත්තනායක කීවේය. එහි කිසිම පදනමක් සනාථ කළ නොහැකි ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගය කීවේය.  දැන් තිස්ස අත්තනායකට එරෙහිව රුපියල් මිලියන දහසක වන්දියක් සහිත නඩුවක් උසාවියේය.

කූඨ ලේඛන සකස් කර හිරේ විලංගුවේ වැටුණ පිරිහී ගිය තිස්ස අත්තනායක සම්බන්ධව යමක් සිතාගත හැකිය. එහෙත් පාර්ලිමේන්තුවේ යම් විචක්ෂණශීලී කථිකාවක් ඇතිකරමින් බුද්ධිමය සංවාදයක් සමාජය තුළ ඇති කළ හැකියැයි අප විශ්වාස කළ මහාචාර්ය චරිත හේරත්ගේ හිරිකිත හිතෙන හෙළුව සමගි ජන බලවේග වේදිකාවේ දී අප දකින්නේ තිගැස්මෙනි. ඔහු කීවේ කුරුණෑගල ඇත්කඳ විහාරයේ පෙරහර ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නවත්වන බවය. ඒ කතාවත් දැන් උසාවියේය.

සමගි ජන බලවේගයේ දේශපාලනයේ පුරෝගාමී භික්ෂුව මිහින්තලේ වලවාහැංගුනවැවේ ධම්මරතනය. භික්ෂු ප්‍රතිරූපයක් වූ ඔහු සිවුරෙන් අමුඩය ගසාගෙන කළ මදනකෙළි පිළිබඳව මේ ලියුම්කරු හෙළිදරව් කළේ වර්ෂ 2001 දී ය. මීට මාස කීපයකට පෙර බීමතින් අඩ නිරුවත්ව කාන්තාවක් සමග කරන රති කෙළිය අමු තිත්ති කුණුහරපයෙන් විස්තර කරන මේ ප්‍රතිරූපක භික්ෂුව ගැන   මීට මාස කීපයකට පෙර සමාජ කථිකාවක් ඇති විය. ඒ ලැබුන වීඩියෝව ශිෂ්ට සම්පන්න වෙබ් අඩවියකවත් පළ කළ නොහැකිය. මිහින්තලේ පන්සලේ මල් විකුණන ගැහැනුන්ගේ සිට මුලු අනුරාධපුරයම හොඳින් හඳුනන මේ ගණින්නාසේ ජාතිය ගලවා ගැනීමට සජිත් ප්‍රේමදාස විසින් තෝරාගැනීමම බරපතල අවුලක් බව ලියා තැබිය යුතුය. උත්තම සංකල්ප කොමිටල් වන්නේ මෙවැනි අපායගාමී චරිත වෙත එම සංකල්ප පත්වීමෙනි. මේ වනවිට ඔහු දේශපාලන වෛරය වපුරවන හොරණෑවක්ව ඇති අයුරු දකිමු. ඔහු අස්ගිරි මහ පන්සලට පැමිණ සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානම ප්‍රතිවාදී දේශපාලන පක්ෂය වෙත අතිශය අතාර්කික මෙන්ම තහවුරු කළ නොහැකි චෝදනා එල්ල කළේය. තමා නියෝජනය කරන මතවාදය නොදරන දේශපාලන පක්ෂය බලයට පැමිණියහොත් හිමිවරුන්ට දානය හෝ නොලැබෙන බව  ද මේ කතා අතර ඇසිනි.

මේ ඇතැම් චෝදනා  බෞද්ධ සමාජය වෙත කරන නින්දාසහග අපහාසයක් වන්නේ මහා බැමිණිටියා සාය පැමිණි වලගම්බා රජ දවස මිනිසුන් විසින් මිනිසුන් මරාගෙන කෑ විකල් සමයේත්, බෞද්ධ ආගම ව්‍යසනයට ලක් කළ කාලිංග මාඝ සමයේත්, යුරෝපීය ආක්‍රමණිකයින්ගේ සමයේත්, බෞද්ධ භික්ෂූන් දුටු තැන ඝාතනය කළ පළමුවැනි රාජසිංහ රජ සමයේත් භික්ෂූන්ව රැක බලාගෙන  පෝෂණය කළේ පාලකයින් නොව, මේ රටේ බෞද්ධ ජන සමාජය විසින් බැවිනි. දුක අපේ ආනන්ද සාගර පොඩි හාමුදුරුවන්වහන්සේ මේ නිඝන්ඨ කුලකය හෝදන්නට එතැනට එක් වී සිටීමය.

අවසානයේ දී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ට බෞද්ධ මහා සම්මේලනයට ගොස් බෞද්ධාගමට මුල් තැන දීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව කියා එන්නට සිදුවිය. ඔවුන් ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව සමයේ දී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා එවකට රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී 09 වැනි ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට වූ යෝජනාවක් එම ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටි ආර්.සම්පන්දන්, එම්.සුමන්තිරන්, රවුෆ් හකීම් ඇතුළු දෙමළ මුස්ලිම් ආන්තික දේශපාලනයක නිරතවන දේශපාලකයින්ගෙන් පවා ඉල්ලීමක් නොපැමිණි බවය. එවැනි අවස්ථාවක ජාතික ජන බලවේගය එම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කුමක් සඳහාදැයි විජිත හේරත් බෞද්ධ මහා සම්මේලනයේ දී විමසුවේය.

කතා නොකළ කතාව

මේ කතාව කතා කරන්නටත් බරවැඩිය. මෙවැනි සිද්ධියක් සිදුවූ බව අපටම සිතාගත නොහැකි වූයේය. පෙරේදා (16) ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාසට සහයෝගය පල කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේය.

එම මාධ්‍ය සාකච්ඡාවට එම්.සුමන්තරන්, මාවෙයි සේනාධිරාජා එක් වී සිටියේය. එහිදී ඔවුන් සජිත් ප්‍රේමදාසට සහාය පල කරන්නේ කුමක් නිසා ද යන්න පෙන්වාදීම සඳහා මාධ්‍ය නිවේදනයක් ද ද්‍රවිඩ භාෂාවෙන් නිකුත් කර තිබිණි.

එම නිවේදනයේ මුලින්ම පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාවේ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය ලබා දීම සම්බන්ධව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එකඟ නොවන බවය. එමෙන්ම 13 ඉක්මවා ගිය ෆෙඩරල් රාජ්‍යයකින් මිස දෙමළ ජනතාවගේ ප්‍රශ්නය නොවිසඳෙන බවත් ඒ පදනම මත ප්‍රධාන අපේක්ෂකයින් තුන්දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් දෙමළ ජනතාවගේ අයිතීන් ආමන්ත්‍රණය කර නොමැති බවත්ය.

එහෙත් සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සාපේක්ෂව ප්‍රගතිශීලී එකක් බැවින් සජිත් ට සහයෝගය දක්වන බව එම ලිඛිත නිවේදනයේ දැක්වෙන්නේය.

කතාව එළියට එන්නේ මේ නිවේදනයේ ඡේදයෙන් ඡේදය විග්‍රහ කරමින් මාවෙයි සේනාධිරාජා කළ විග්‍රහයේදී ය. එම අවස්ථාව ආවරණය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි දියසේන රතුගමගේට අනුව මෙම එක් එක් වගන්ති විග්‍රහ කරගෙන එන අවස්ථාවේදී මාවෙයි සේනාධිරාජා පවසන්නේ බුදු දහමට මුල් තැන ලබා දෙන බව ප්‍රකාශිත ව්‍යවස්ථාව ඇතුළු ව්‍යවස්ථාවේ දෙමළ ජනතාවට බලපාන කරුණු කීපයක් වෙනස් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සිය පක්ෂය සමග කළ සාකච්ඡාවේ දී එකඟ වූ බවය.

අප මුලින් ප්‍රකාශ කළ ආකාරයට සජිත් ප්‍රේමදාස සියලු ආගම් වෙත එක් ආකාරයේ ප්‍රමුඛතාවයක් ලබා දීම සංකල්පයක් ලෙස ඉහළ සංස්කෘතික සමාජයක ගුණයකි. එහෙත් ඔහු මේ උත්තුංග සංකල්පය පිළිබඳ අදහස ලබා දෙන්නේ දේශපාලන ඩීල් කරයෙක් ලෙස  දෙමළ ජාතිවාදීන් පිරිසක් වෙතය. ඒ දෙමළ ජාතිවාදී නියෝජනය සහිත ඡන්ද ස්වකීය ගොඩට එක් කරගැනීම පිණිසය. එසේ කරන්නේ දකුණේ සමාජයට බුද්ධාගම පිළිබඳ අයිතිය තහවුරු කරන ජාතියේ මුරදේවතාව‍ා තමන් බව ප්‍රකාශ කරන ගමන්ය. ඒ වෙනුවෙන් මහා සංඝරත්නයත් කඩේ යවන ගමන්ය. දකුණේ ජනතාව ඉදිරියේ අසහාය බෞද්ධ නායකයාට ඇඳගෙන දේශපාලන ටීටරය නටන ගමන්ය.

ජාතිවාදය මිස ස්වකීය පැවැත්මක් සහතික නොකරන මුස්ලිම් ජාතිවාදයේ පහළම ආන්තික තීරුවේ නියෝජනය රිෂාඩ් බදියුදීන්ගේ සිට සිංහල ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුන, පරිසර සංරක්ෂණය වෙනුවෙන් බදියුදීන් සමග සුවිසයිඩ් මිෂන් එකක සිටි ආනන්ද සාගර පොඩි හාමුදුරුවොත් එක මිටට ගත්, ව්‍යවස්ථා සංශෝධනයකින් බෞද්ධාගමට ඇති ප්‍රමුඛතාව අහෝසි කරන ලෙස ඉල්ලන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා සහ බෞද්ධ ආගමේ චිරස්තිථිය වෙනුවෙන් කැපවුන මගේත් ගෞරවණීය ගුරුවරයා වූ මැදගම ධම්මානන්ද මහා නායක හාමුදුරුවන් වහන්සේත් තමන්ගේ දේශපාලන වේදිකාවට ගොඩකරගත් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ප්‍රතිපත්තිය කුමක් දැයි අවසාන මොහොතේ හෝ අප දැනගත යුතුය.

රූපවාහිනී වැඩසටහනකට පැමිණ රට අසන ප්‍රශ්නවලට උත්තර දෙන්නට සජිත් ප්‍රේමදාසට නොහැකි වන්නේ කුමක් නිසාදැයි මේ රට තේරුම් ගත යුතු බව අපි විශ්වාස කරමු. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කැවීම ට කරන උත්සාහය එක්ස්පයර් වී ඇති බව සජිත් ප්‍රේමදාසට කියා දෙන්නට සමගි ජන බලවේගයේ එකෙක් හිටියානම් ඒ අසරණයා මේ තරම් කොමිටල් වන්නේ නැති බව අවසාන වශයෙන් ලියා තබමු.

 

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නේ අපි… බැටලු හම පොරවා ගත්ත වෘකයින්ට කතෝලික ප්‍රජාව රැවටෙන්න එපා… සජිත් ප්‍රේමදාස පවසයි!

Next Post

ChatGPT සහ Language Models කාර්යක්ෂමව භාවිතා කරන්නේ කෙසේද? – (AI තාක්ෂණය ගැන ලියැවෙන නවතම ලිපි පෙළ අංක – 2)

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.