සමගි ජන බලවේගය විසින් පැවැත් වූ විරෝධතාවය සංවිධානය කළ අයට එරෙහිව අවශ්‍ය කරන නිතීමය ක්‍රීයාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.
එම විරෝධතාවයේ දී ඊට එක් වූ පිරිස් නිරෝධායන නීති කඩ කළ බවත්, පසුගිය දා ගැසට් පත්‍රයක් මගින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය.
“ඒ මත ක්‍රියා කරමින් එම විරෝධතාවය සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලීසිය විසින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව වැඩිදුරටත් කීවේය.







