බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්කෘතියෙ වැරදි කොණින් අල්ලගන්නෙ නැතිව ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි! පොහොට්ටු මන්ත්‍රිණී කෝකිලා…

by editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ කෝකිලා ගුණවර්ධන  ගණිකා වෘත්තිය රට තුළ නීතිගත කළ යුතු බවට සංවාදයක් ගොඩනගමින් සිටින්නීය. සම්ප්‍රදායික  සිංහල බෞද්ධ සංස්කෘතික අර්ථයන් උත්කර්ෂයට නන්වමින් සංඝයාවහන්සේ  පෙරටුකරගත් සටනකින් අනතුරුව බලයට පැමිණි රජයක් තුළ හිඳින ඇය මේ කතා කරමින් හිඳින්නේ අතිශය ලිබරල් ප්‍රජාතන්ත්‍රික අරුතක් සහිත  නිදහස් මතවාදයක් ගැනය.    ලංකසර  අප ඇය සමග සංවාදයකට එක්  වන්නේම එබැවිනි.

  • මේ කතා කරන්නෙ පුපුරා කඩා හැලෙන අදහසක් ගැන. පාර්ලිමේන්තුවෙ කිසිම කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දෙයක් කතා කරන්නවත් ලෑස්ති වෙන එකක් නෑ.

  • සාධාරණව හිත ඕනෑම කෙනෙක් අදහස් ප්‍රකාශ කරන්න බිය වුනාට හෘදය සාක්ෂියට තට්ටු කරල ඇහුවොත් කියාවි ඔව්… කෝකිලා හරි කියලා.

  • අපි හැමදාම අල්ලගෙන තියෙන්නෙ සංස්කෘතියෙ වැරදි කොණින්. ගණිකා වෘත්තිය නීතිගත කළා කියලා මේ රටේ සම්ප්‍රදායික සංස්කෘතියට කිසිම හානියක් වෙන්නෙ නෑ, බුදුන්වහන්සෙ වැඩ හිටියෙත් ගණිකා වෘත්තියට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු සමාජයක…

  • පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන

 ගණිකා වෘත්තිය නීතිගත කළයුතුයි කියලා ඔබ කියනවා. ඔබ කාන්තාවක් විදිහට එහෙම ප්‍රකාශයක් කරන්නෙ ඇයි?

මා කාන්තාවක් නිසා තමයි මේ ප්‍රශ්නය කතා කළ යුතු.  මේ ලෝකය ගණිකා වෘත්තිය අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඉතිහාසය ගත්තම බොහොම සම්භාව්‍ය අවධිවල රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම වෘත්තිය පවත්වාගෙන ගියා.

නමුත් අද  නිර්මාණය වෙලා තියන තත්වය අතිශයින්ම සංකීර්ණයි.  ගණිකා වෘත්තිය අපේ රටේ නීත්‍යානුකූල නොවීම තුළ මා විශ්වාස කරනවා කාන්තාවට බරපතල අසාධාරණයක් වෙනවා කියලා. ඒ නිසා මා ඒ පිළිබඳව විවෘතව කතා කරනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නැවතත් මා කිව යුතුයි. මේ මගේ   පුද්ගලික මතය.

ගණිකා වෘත්තිය නීතිගත නොවීමෙන් කාන්තාවට සිදුවන  ඔබ ඔය  කියන අසාධාරණය කුමක් ද?.

අපි විවෘතව කතා කරමු.  කවුරු මොනවා කතා කළත් ගණිකාවන්ගේ සේවය සපයා ගන්න ඕන තරම් පිරිමි යනවා. මේ කටයුත්ත  රහසිතගතව සිද්ධවන විට  කාන්තාව ලිංගිකව බරපතල සූරාකෑමකට ලක් කෙරෙනවා.  මේ ක්‍රියාවලියෙ දි වැඩිපුරම හම්බ කරගන්නේ  තැරැව්කායො.

මේ නිසා මා හිතනවා ගණිකා වෘත්තිය නීත්‍යානුකූල කිරීම හා විධිමත් ලිංගික අධ්‍යාපනයක්  නිසි පරිදි ලබා දීමෙන් සිද්ධවන විශාල සමාජ ව්‍යසනයනක් වළක්වා ගත හැකියි.  අපේ මොනතරම් නීති විරෝධී ගබ්සා වෙනවා ද.  පළමුව අපට  එය නවත්වා ගන්න පුලුවන්.  ස්ත්‍රී දූෂණ අවම කරගන්න පුලුවන්. ළමා අපචාර අඩු කරගන්න පුලුවන්. ලිංගිකව පීඩාවට පත් කර සූරා කන කාන්තාවට සාධාරණයක් කරන්න පුලුවන්.   මේ නිසා මා විශ්වාස කරනවා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සාධාරණයි කියලා.

ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ළමා අපචාර ස්ත්‍රී දූෂණ අවම වෙන්නෙ කොහොම ද?

ඔබ බලන්න නිදහස්ව හිතන මිනිස්සු ජීවත්වන  විදේශීය සමාජ.  ඒ අයගෙ සමාජවල දරුවන්ව ලිංගිකව පීඩාවට පත්වනවා අඩුයි.  ඒ මිනිස්සු බරපතල ලිංගික පීඩනයක නොවෙයි ඉන්නේ. ඒ සමාජයෙ  ලිංගික නිදහස තියනවා. ගණිකා වෘත්තිය නීතිගත වෙලා  තියනවා.  ඒ නිසාම පුපුරා යන විකෘති නෑ. කාන්තාවන් දූෂණය වීම සහ ළමා අපචාර අපට සාපේක්ෂව අඩු වෙන්න හේතුව ඒකයි.

ඔබ මේ කරන ප්‍රකාශ තිගස්වන සුලුයි. අපි සංස්කෘතික සමාජයක් ඇතුළෙ ජීවත්වන මිනිස්සු. මේ යෝජනාව අපේ සමාජ සංස්කෘතික වටපිටාවට එකඟයි කියලා ඔබ හිතනව ද?.

දැන් බුදුහාමුදුරුවො වැඩ ඉන්න කාලෙ බුදුහාමුදුරුවන් ඉපදුන රටේ ඔය වෘත්තිය නීත්‍යානුකූලව  සිද්ධවුනේ නැද්ද. අපේ සංස්කෘතිය ඇතුළෙ වහගෙන අපි රකින්නෙ ඇත්තටම මොනව ද? සෑබෑ අර්ථයෙන්ම සංස්කෘතික හරයන් ආරක්ෂා කරගත යුතුමයි. එය කිසිවෙකුට ප්‍රශ්න කරන්න බෑ.    නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් අපේ සංස්කෘතිය විනාශ වෙනවා  කියන්නෙ මොන පදනමින් ද?. මා ඒ කාරණාවට  එකඟ නෑ.

අපේ ලාංකික කාන්තාව දැඩි සංස්කෘතික ශික්ෂණයකින් තමයි ගොඩනැගෙන්නේ. ගණිකා වෘත්තිය නීතිගත වුනොත් මේ ගෞරවණීය අර්ථය නේද විනාශ වෙන්නෙ?

දැන් මට ඔබ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. අපේ රටේ ගණිකා වෘත්තිය තියනව ද නැද්ද?

තියනවා. නමුත් අනීතිකව.

හරි. දැන් එතකොට   ඔය සංස්කෘති සදාචාරයට මොකද වෙලා තියෙන්නේ.

ඒකනෙ එය තහනම් කරලා තිබෙන්නේ. ඒ නිසාමයි ඒ වෘත්තිය තහනම් කොට වැටලීම් කරලා අත්අඩංගුවට ගන්නෙ  

ඔව්… අත්අඩංගුවට ගන්නවා… එහෙම අත්අඩංගුවට ගත්තා කියලා ගණිකා වෘත්තිය නතරවෙලා ද?. නතරවෙයි කියලා ඔබ හිතනව ද?

නෑ. නතර වෙන්නෙ නෑ. නමුත්  අධෛර්ය කිරීමක් කරනවා.

නතර වෙන්නෙ නැතිනම් ඊට නීත්‍යානුකූල රැකවරණයක් දෙන එක වැරැද්දක් ද?

මේක ලොකු පෙළඹවීමක් තියන හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. අප ඔබෙන් අහන්නේ  සමාජ සම්බන්ධතා පුපුරුවා හරින මේ ක්‍රියාවලියට   නෛතික පදනමක් හදලා දෙන්න අවශ්‍ය ද කියලා.?

අපට විශ්වාසයක් තියනවා නම්  අපේ රටේ කිසිම කාන්තාවක්   හෙට ඉඳලා ගණිකා වෘත්තියෙ යෙදෙන්නෙ නෑ කියලා…. හරි.  එදාට අපි  සදාචාරය රැකගෙන ඉන්න විදිහ ගැන කතා කරමු.  හෙට ඉඳලා අපට ගණිකා වෘත්තිය අවශ්‍ය නෑ කියලා සමාජ සම්මුතියක් එන දවසට අපට පුලුවන් මේ ප්‍රශ්නය සම්බන්ධව කතා නොකර ඉන්න.  හැබැයි නීති ගෙනාව කියලා අපට මේක නතර කරන්න පුලුවන් ද?. එහෙම බැයිනම් අප කරන්න ඕන ඒ පිරිසට නීත්‍යානුකූල පරිසරයක අවශ්‍ය රැකවරණය දෙන එක නේද?.

හැබැයි නීතියක් ගෙනාවට පස්සේ මේක පිළිගත් රැකියාවක් වෙනවා නේද. නෛතික වටිනාකමක් ලැබෙනවා නේද?

දැන් ගණිකා වෘත්තිය රැකියාවක් නොවෙයි ද?.  බොහෝ ගැහැණු ගණිකාවන්  වෙන්නෙ කැමැත්තෙන්. ඔවුන් එය වෘත්තිය විදිහට තෝරනවා.

ඔබ කියන්නෙ කාන්තාවන් බහුතරය ගණිකා වෘත්තිය තෝරන්නේ අකමැත්තෙන් හෝ දුගී භාවය නිසා නොවෙයි කියල ද?

මා අධ්‍යයනය කර ඇති සමාජ කාරණා එක්ක බලනකොට බහුතරයක් ගණිකා වෘත්තියට පෙළඹෙන්නේ ආර්ථික අපහසුතා කියන කාරණය නිසාම නොවෙයි.  ඔබත් දන්න රටත් දන්න  ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිසක් ගණිකා වෘත්තියෙ යෙදෙන්නෙ නැද්ද? . ඔවුන් ලිංගික තෘප්තිය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන අය නොවෙයි. ලිංගික නිදහස සොයාගෙන යන නොවෙයි. ඒ වෙනුවෙන් යම් අයකිරීමක් කරනවා. ගණිකා සේවය ලබා දෙනවා.

රැකියාවට ගණිකා වෘත්තිය තෝරන මේ වගේ ධනය බලය නැති අසරණ කාන්තාවන් පිරිසක් ඉන්නවා.  කිසිම සමාජ වරප්‍රසාදයක් නැති අතිශය අමානුෂික සූරාකෑමට ලක්වුණු කාන්තාවන් පිරිසක් ඉන්නවා.  මා මේ කතා කරන්නෙ අන්න ඒ අය වෙනුවෙන්.  මොකද අප දන්නවා මේ වෘත්තිය අපේ රටේ මොන තත්වයෙන් හෝ අතීතයෙත් තිබුණා. වර්තමානයෙත්  තියනවා. අනාගතයේ නැති වේවි කියලා කිසිම සහතිකයක් දෙන්න බෑ.

ඔබ යෝජනා කරන්නෙ ගණිකා වෘත්තිය නීතිගත කරන්න නෙ. නෛතිකව ගැහැණියක් ගණිකා වෘත්තියේ  ලියාපදිංචි කර ගණිකා සේවයේ යොදවනවාට වඩා ඔවුන් ආර්ථිකව සවිමත් කිරීමේ ක්‍රියාවලියකට  ගෙනයන එක සමාජීය වශයෙන් ඵලදායී නැද්ද? ‍

ඔබට   මා නැවත කියනවා. ගණිකා වෘත්තියෙන් මිදිලා වෙනත් ආර්ථික විභවයක් සොයාගන්න කැමති අයට එවැනි අවස්ථාවක් සකසා දීමේ වැඩපිළිවෙළක් රජය තුළ දැනුත් තියනවා.  කාන්තාවන්   ස්වයංරැකියා සඳහා යොමු කරවනවා.

මා කියන්නෙ එය කැමැත්තෙන්  වෘත්තිය විදිහට තෝරාගත් කාන්තාවන් පිරිසක් හැම කාලයකම සමාජයෙ හිටියා. අදත් ඉන්නවා. අතීතයෙත් හිටියා. ඒ අය පවතින්නේ සමාජයේ ඒ සඳහා ඇති අවශ්‍යතාවය නිසා. එය නීති දමා නවත්වන්න පුලුවන් කාරණාවක් නෙමෙයි. මා කියන්නෙ ඒ නිසා තමයි මේ තත්වයට නෛතික වලංගුභාවයක් ලබා දී එය ක්‍රමවත්ව නියාමනය කළ යුතු බව.

දැන් ඔබ ගණිකා වෘත්තිය නීතිගත කරන්න යෝජනා කරනවා.   මේ හරහා වෙන්නෙ සමාජ ව්‍යසනයක් කියලා විශ්වාස කරන වෘත්තියකට    වටිනාකමක් දෙන එක. පාසල් ගිහින් ගාර්මන්ට් එකට යන්න  පෙළඹෙන තරුණියක්  ඒ වෙනුවට  ගණිකා වෘත්තිය තෝරන්න  ඔබ විසින් පොළඹවනවා කියලා අපි යෝජනා කරනවා.

කිසිසේත්ම  එහෙම වෙන්නෙ නෑ. ලිංගික අධ්‍යාපනයත් එක්කයි මේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා මා යෝජනා කරන්නෙ . සංස්කෘකිත කාරණා වැරදි කොනින් අල්ලගෙන අපි මොනද මේ කරන්නේ.  ලිංගික අධ්‍යාපනය අවශ්‍යයයි. දරුවො දන්නෙ නෑ ඔවුන් දූෂණය වෙනවා කියලා.  දරුවො වැඩිපුරම දූෂණය වෙන්නෙ  නන්නාඳුනන අයගෙන්  නෙමෙයි. පවුලෙ ලඟම ඥාති හිතවතුන්ගෙන්.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා ඔබ සතුව යෝජනාවක් තියනව ද?

මනෝවිද්‍යාත්මක අනුමිතීන් අධ්‍යයනය කරලා ඒ මත පිහිටමින්  පාසල හරහා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා අප සතුව යෝජනාවක් තියනවා.    අපි සංස්කෘතිය ඇතුලෙ හිරවෙලා මේ අධ්‍යාපනය ලබා නොදීමෙන්  අපට විශාල පාඩුවක් තියනවා.

අපේ රටේ මිනිස්සු ලිංගිකත්වය ගැන කතකා කරන්න අසීමිතව බයයි. අදහස් ප්‍රකාශ කරන්න බයයි.  මගෙම ඤාති හිතවතුන් ඉන්නවා මේ ගැන දරුවන්ට කියාගන්න ශක්තියක් නැති. විවාහවෙලා දරුවෙක් හම්බවුනාට පස්සේ ප්‍රායෝගිකවයි අපි ලිංගික අධ්‍යාපනය ලබන්නෙ.  ඒ වගේමයි මේ අධිකරණ ක්‍රමය.  අද අපයෝජනයකට ලක්වෙච්චි දරුවෙක් සම්බන්ධව තීන්දුවක් ලැබෙනකොට ඒ දරුවා ලොකු මහත්වෙලා විවාහ වෙලා දරුවොත් ලැබිලා.  තත්වය මේ තරම් ව්‍යාකූලයි.  මේ සමස්ථය වෙනස් විය යුතුයි.

ඔබ  ඉන්නෙ සම්ප්‍රදායික සංස්කෘතික අගයන් එක්ක දේශපාලනය කරන ආණ්ඩුවක.  සංඝයාවහන්සේ ලොකු බලයකින් ආණ්ඩුවෙ දේශපාලනය මෙහෙයවනවා. එහෙම ආණ්ඩුවක් ඇතුළෙ ඔබට  පුලුවන්ද මේ වගේ යෝජනාවක් කැබිනට් එකටවත් අරන් එන්න.

ඔබට  මා මුලින්ම කිව්වා. මේක මා විශ්වාස කරන පුද්ගලික සමාජ දෘෂ්ටිය. එය ජනප්‍රිය ප්‍රකාශයක් වෙන්නෙ නෑ. දේශපාලනිකව වාසි සහගත ප්‍රකාශයක් වෙන්නත් නෑ. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ ගණිකා වෘත්තිය  නීතිගත කරන්න යෝජනාවක් ගෙන්න ගියොත් මට ඉන්න ලැබෙන්නෙ නෑ. ඊට පාර්ලිමේන්තුව ඇතුලෙ බහුතරයක් එකඟවෙන්නෙත් නෑ. මොකද මැතිවරණයකදි මේක ඉතාම අවාසිසහගත ප්‍රකාශයක්.

නමුත් මා කාන්තාවක් විදිහට ඒ කාන්තාවන් වෙනුවෙන් කතා කරනවා.  සමාජ   සංවාදයක් ඇති කරනවා. මා මේ දවස්වල එය යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ.

රජයේ සහයෝගය මොන මට්ටමින් හෝ ඒ යෝජනාවට ලැබෙයි ද?

මම පෙරළා ප්‍රශ්නයක් අහන්න ද?. ඔබතුමා කැමති නැද්ද ගණිකා වෘත්තිය නීතිගත කරනවට.

ඒක ටිකක් කල්පනා කරලා උත්තර දෙන්න අවශ්‍ය ප්‍රශ්නයක්.

(සිනාසෙයි..) මා දන්නවා. එය ඉතාම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක්. බහුතරයක් දෙනා මේ ගැන  ඍජු ප්‍රකාශයක් කරන්න බයයි.  නමුත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය එක්ක කතා කරන්න පුලුවන්නම් හැමෝම මේ යෝජනාවට කැමතියි.

මෙහෙම ප්‍රශ්න කතා කරද්දි ඔබට ප්‍රශ්න ඇවිත් නැද්ද?

(සිනාසෙමින්)…. එහෙම ප්‍රශ්න එනවා නම් මුලින්ම එන්නෙ ගෙදරින්. හොඳ වෙලාවට මගේ ස්වාමිපුරුෂයාගෙ හයිය මට තියනවා.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශ්‍රාම වැටුප කොල්ලකෑමේ කූට උපක්‍රමයක් සජිත් හෙළිදරව් කරයි

Next Post

තවත් කොවිඩ් මරණ 20ක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.