බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න! ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලයි…

by editor
මාර්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම”  “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග අද (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති  සාකච්ඡාවේදීය.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024′  යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නන්වා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 2කට ප්‍රතිලාභ හිමිවන අතර එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතය. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183කි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇත.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක,  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයි. 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්‍රයෙන් පහත වැටුණා.

ඉන් පසුව අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇතියි. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.

2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහායි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ. ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු  තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා.  ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම්  සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස  වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා.  ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.

අප එම වැඩපිළිවෙළ ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරයෙන්. මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

එහිදී අප කාෂිකර්ම නවීකරණය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තිබෙනවා. ගොවිජන සේවා කාර්යාල කෘෂිකර්ම නවීකරණ කාර්යාල බවට පත් කරනවා. කෘෂිකර්ම අංශ සියල්ල එක් ඇමතිවරයෙක් යටතට ගෙන ඒමට අප කටයුතු කළා.  ඒ වගේම වී වගාවේදී අස්වැන්න වැඩිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. නව බෝග වගාව මෙන්ම කුරුඳු වගාව අප දැන් ආරම්භ කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඉදිරියේදී සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ තිබෙන ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 341 න් අපි විදේශ විනිමය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයකින්ද, ඒ නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන එක් කර වෘත්තීය විද්‍යාල ඇති කර වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට ද  අප පියවර ගන්නවා.

මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනින් පසු විදේශ ආයෝජන ලබා ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිකුණාලය, හම්බන්තොට, ඉංගිරිය, නුවර, යාපනය වැනි ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර දකුණු පළාතේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙත යාම අපේ අරමුණයි. මෙම සියලු කටයුතු සමඟ අපට අලුත් ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් අප නව නීති ගෙනවිත් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් ද අප වැඩකටයුතු කරගෙන යනවා.

පසුගිය වසර දෙක තුළ ගෙන ගිය අසීරු වැඩපිළිවෙළේදී ඔබ සියලුදෙනා ලබාදුන් සහායට මගේ ස්තූතිය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.  ඒ වගේම අප සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු යැයි මම සියලුදෙනාට ආරාධනා කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමහර ඒවා අත් හැරියොත් අත් හැරියම තමයි! අදත් එහෙම යි…

Next Post

ජයග්‍රහණ විරල අපට ඒ හඹා යෑම නම් ආශ්වාදයක්! වාර්තා අලුත් කළ තරගය අතීතයත් මතක් කළා….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.