ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ, කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම දෙවන වරටත් යළි හෙට දිනයේ ( 22) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හමුවට කැඳවා ඇත.
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධව කීර්ති රත්නායක නැමැති අයෙක් සමග චමුදිත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව “ටෘත් විත් චමුදිත“ නාලිකාවේ විකාශය වීමෙන් පසු ඉකුක් 18 වැනිදා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත්තේය. හෙට ඔහු කැඳවන්නේ දෙවැනි වරටය.
ඒ අනුව හෙට (22) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්මෙන්කුවේ සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙස චමුදිත සමරවික්‍රමට දන්වා ඇතැයි සඳහන් වේ.
ඔහු විසින් කීර්ති රත්නායක නැමැති අය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.







