ජනශක්ති රක්ෂණ සමගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හමුවට කැඳවා ඇති බව සඳහන් වේ.
ඒ අනුව හෙට (18) පෙරවරු 9.00ට ඔහු ට අපරාධ පරීක්ෂණ දෙපාර්මෙන්කුවේ සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි සඳහන් වේ.
සමරවික්‍රම විසින් පවත්වාගෙන යන “ටෘත් විත් චමුදිත“ නම් යූ ටියුබ් නාළිකාවට මෙම මරණය සම්බන්ධයෙන් කීර්ති රත්නායක නැමැත්තා ලබා දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී පළ කළ අදහස් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
ඔහු විසින් කීර්ති රත්නායක නැමැති අය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.







