බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි නිරුවත් වෙයි… රටක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නැතිව ICC මණ්ඩලයට රටක ක්‍රිකට් තහනම් කරන්න  බැරි  බව  ICCය පවසයි!

by editor
නොවැම්බර් 22, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter
  • අපේ ක්‍රිකට් තහනම් වෙන්නත් අතුරු කමිටු දැමූ අනෙක් රටවල ක්‍රිකට් තහනම් නොවන්නත් හේතුව ICC කියයි…

ICC මණ්ඩලයට සාමාජික රටක ක්‍රිකට් තහනමක් සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ එම රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ  නිල පැමිණිල්ලක් මත පදනම්ව පමණක් බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය උපුටා දක්වමින් ලොව දෙවැනි ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියවන Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරයි.

Cricbuzz වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්  ICC ඉහළම පෙළේ නිලධාරියෙක් පෙන්වා දී ඇත්තේ අදාල සාමාජිකයාගේ පැමිණිල්ලක් නොමැතිව රටක ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය  මැදිහත්වන්නේ  නැති බවය.

Cricbuzz යනු Cricinfo ට පසු ලෝකයේ දෙවන විශාලතම ක්‍රිකට් වෙබ් අඩවියය.  එම වෙබ් අඩවිය    Times of India සමූහයට අයත්ය.  Times of India  යනු එක්කෝටි තිස් ලක්ෂයක ප්‍රඨක ප්‍රජාවක් සහිත, දිනකට පිටපත් ලක්ෂ හතලියක් අලෙවි වන  ඉන්දියාවේ වැඩිපුරම කියවන ඉංග්‍රීසි පුවත්පත මෙන්ම ලොව වැඩිපුරම අලෙවියක් ඇති පුවත්පත්වලින් එකකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමේ ඇතුළු පැත්ත අනාවරණය කරමින් ඉන්දීය ක්‍රිකට් මාධ්‍යවේදී විජේ තාගෝර් විසින්   Cricbuzz  වෙත ලියන ලද ලිපියකින්   අනාවරණය කරන්නේ  දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලයට, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයට   රජය මැදිහත් වූ අවස්ථා වලදී ICC ය එම රටවල සාමාජිකත්වය අත්හිටුවිමේ  ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණේ   එම රටවල පැවති  ක්‍රිකකට් පාලක මණ්ඩල රටේ ක්‍රිකට් තහනමක් වැනි ආන්තික තීන්දුවක් ගන්නා ලෙස අයි.සී.සී.ය වෙත ඉල්ලීම් නොකළ නිසා බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් නොවැම්බර් 6 සහ 7 දින ලිපි දෙකක් ලියා තිබුණත් නොවැම්බර් 09 ලියූ ලිපිය ක්‍රිකට් තහනමට ප්‍රමුඛ සාධකය වී ඇති බව   Cricbuzz  වෙබ් අඩවිය පෙන්වා දෙයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එම ලිපියෙන්  ෂම්මි සිල්වා  දක්වා ඇත්කේ   “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව   ආරක්ෂා කිරීම සඳහා ICC හි හදිසි මැදිහත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය  විසින් අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, ICC විසින් තහවුරු කරන ලද පුළුල් මූලධර්මය සහ ක්‍රිකට් පරිපාලනයේ මූලධර්ම ආරක්ෂා කිරීමට මෙන්ම    රටේ   ක්‍රීඩාවේ කීර්තිය ආරක්ෂා කිරීම සඳහාත් අයි.සී.සී.යේ කඩිනම් අවධානය සහ ක්‍රියාමාර්ග ඉතා වැදගත් බවත් ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇත.

එම ලිපියෙන් ශම්මි සිල්වා ICC ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටමින්  දැඩි ලෙස කියා ඇත්තේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධිපත්‍යය ව්‍යසනයට ලක්කරමින්   රටේ පාර්ලිමේන්තුව විවාදයක යෙදී සිටින බවත් එය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සංවිධානය කර ඇති බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරී පත් වූ සාමාජිකයින්ගේ නිවෙස්වලට සහ පවුල්වලට තර්ජනයක් එල්ල කරන බවට යූ  ෂම්මි සිල්වාගේ ප්‍රකාශය  ICC විශේෂ අවධානයට යොමු වී ඇත.

එමෙන්ම ඇමැතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවන අරමුණු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බව  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කිරීම ද  ICCය අවධාරණාත්මකව  සලකා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා ඇතුළු පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ට පිටපත් සමඟින් ICC හි සභාපති Greg Barclay වෙත එම තීරණාත්මක ලිපිය යොමු කිරීමෙන් පසු ඉන් පෙර ලියූ ලිපි දෙකත් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ   ICC හි පිළිගත් ව්‍යුයහ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණඩලයේ සභාපති  ෂම්මි සිල්වාගේ පැමිණිලිවල බරපතලකම තක්සේරු කර ICCය විසින් මෙම ක්‍රිකට් තහනම සිදුකර ඇති බව     Cricbuzz  වාර්තා කරයි.

මෙම දිගුවෙන් එම ලිපිය බලන්න…. ICC decision on SLC and U19 World Cup expected on Tuesday | Cricbuzz.com

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෝමරත්න දිසානායකගේ සැබෑ මුහුණ එළියට… මැර බලයෙන්  දේශපාලන හයියෙන් නීතිය අතට අරන් – කොළඹ වටිනා රැම්සා තෙත් බිමක් ගොඩකරන්න පටන් අරන්… ( වීඩියෝ සහිතයි)

Next Post

දුම්රියේ ගැටුණු තවත් වන අලියෙක් මරුට…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.