බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

හොර සාක්ෂි හැදූ සිද්දිධියක් අතේ පත්තු වූ හැටි...

by editor
ජූලි 31, 2020
in පුවත්
ශානි අබේසේකර

ශානි අබේසේකර

Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඊයේ (31) පෙරවරුවේදීය.

ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ බොරු සාක්ෂි නිර්මාණය කිරීමක් සමන්ධයෙන් සැක පිටය. ඒ දැන් මරණීය දණ්ඩනයේ පසුවන වාස් ගුණවර්ධන ගේ නඩුවට අදාලව ගිනි අවි සොයා ගැනීමක් සම්බන්ධව සාක්ෂි වසන් කිරීමටය.  බොරු සාක්ෂි නිර්මාණය  කිරීමක් ද චෝදනාවට ඇතුළත්ය.

පොල්ස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න කියන්නේ  බොරැල්ල ඇලිවිටිගල මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීය. අත්අඩංගුවට ගන්නා විට ඔහු සිටියේ පොලිස් කොමිසමේ නිර්දේස මත වැඩ තහනමකට ලක්වය.ඒ පොලීසිය අපකීර්තියට පත්කිරීමේ චෝදනාවක් එල්ලවීමෙනි.

මුල්වන සිදුවීම

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ශානි අබේසේකර  අත්අඩංගුවට ගැනීමට මුල්වන සිදුවීම වන්නේ 2014 වසරේදීය.  ජාලිය සේනාරත්නට අනුව ඔහු එකල ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැරුවේ වෙනත් තනතුරකි.

2013 වසරේදී එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන  චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේය. ඒ අතර ගිනි අවි ළග තබා ගැනීමේ චෝදනාවක් ද විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව විසින් එකල අලුත් කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වාස් ගුණවර්ධන මහතාවත්, ඔහුගේ බිරියත්, පුතාත්, ඥාති පුත්‍රයෙක් ඇතුළු 08 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේය.

2014 වසරේදී  සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනුණි. ඔහුව   රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවාතබා  ප්‍රශ්න කළේය. ඔහුගේ ප්‍රකාශ අනුව බව සඳහන් කරමින් ශානි අබේසේකර   සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ගම්පහ කළගෙඩිහේනේ පිහිටි ගෙවත්තක මඩුවක තිබී ගිනි අවි රැසක් සොයා ගෙන තිබුණි. එම නිලධාරියා මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් පවා ලබාදී තිබුණි.

මඩුවකින් සොයා ගත්තේ යැයි සඳහන් ගිනි අවි අතර ටී 56 අවි 06 ක් විය.  රිවෝල්වරයක් හා පිස්තෝල 02 ක් විය. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවි වලට යොදන පතොරම් 11 ක්, 8.5 වර්ගයේ පතොරම් 303 ක්, 7.62 වර්ගයේ පතොරම් 215 ක්, 0.38 වර්ගයේ පතොරම් 04 ක්,  බෝර 12 වර්ගයේ ගිනි අවි 04 ක් ඇතුළු අවි ආයුධ රැසක් තිබිණි.

එම ගිනි අවි වාස් ගුණවර්ධනගේ කීමට එම මඩුවට රැගෙනවිත් සැඟවූ බව එකල වාස් ගුණවර්ධන  යටතේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ප්‍රකාශකර කළේය.  නිවෙස් හිමි අඹු සැමි යුවලද  ප්‍රකාශ තහවුරුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්  ලබා දුන්නේය.

පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අඹුසැමි යුවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ නැත.  ඔවුන්ව   සාක්ෂිකරුවන් ලෙස නම්කර තිබී ඇත.   ඔවුන්ව සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකාරණයෙන් නියෝගයක් නිකුත් වී තිබිණිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නට අනුව  එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා තිබිණි.  අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ලෙස නම්කළ ඉහත පුද්ගලයන් විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට යොමු කර ඇත.    එම අයදුම්පත මහාධිකරණය විසින් එකළ ප්‍රතික්ෂේප කළේය.

අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය  ක්‍රියාත්මක වන්නේ පසුගිය ජුනි 01 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්යමක් විසින් එක් සාක්ෂිකරුවෙක් අත්අඩංගුවට ගත්තේය.  දෙවැනි සාක්ෂිකරු අත්අඩංගුවට ගන්නේ ඊට පසුදිනය. ඔවුන් දෙදෙනාම පොලිස් නිලධාරීන්ය.    ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබුණේ   ගම්පහ කලගෙඩිහේනේ නිවසේ දරමඩුවක ගිනි අවි සැඟවූ බවට   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් දීමට සිදු වූයේ ශානි අබේසේකර ගේ කීමට බවය.

එවැනි ප්‍රකාශයක් ලබා නොදුනහොත් තමන්ව නඩුවකට පටලවා සිරගතකරන බවට ශානි අබේසේකර තර්ජනය කළ බව ඔවුන් කියනනේය. ඊට බිය වී එවැනි බොරු ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔවුන්  පවසන්නේය.

අනතුරුව ජුනි 11 වෙනිදා ගිනි අවි සොයාගත් බව සඳහන් නිවසේ අඹු සැමි යුවල අත්අඩංගුවට ගන්ඒනේය.  ප්‍රශ්න කිරීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ ශානි අබේසේකර  සමග පැමිණි නිලධාරීන් දෙදෙනෙක් පොලිතින් උවරවල බහා රැගෙන පැමිණි ආයුධ රැසක් දරමඩුවේ දමා ඡායාරූප කිහිපයක් ගෙන නැවත එම ආයුධ මළුවලට බහා රැගෙන ගිය බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ එකල රඳවාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි මේ සම්බන්ධව   ප්‍රශ්න කළේය.  එහිදී  ඔහු සඳහන් කළේ මහසේත්‍රාත් ඉදිරියේ රහසිගත සාක්ෂිය ලබාදෙන විට තමා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ බැවින් ඒ අය සඳහන් කළ ආකාරයට අනුව තමාට මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් සාක්ෂිය ලබාදීමට සිදුවූ බවය. එසේ නොවුණි නම් තමාටද යම් චෝදනාවක් පටලවා සිරගත කිරීමට තිබුණු ඉඩකඩ වැඩි බවද ඔහු සඳහන් කළේය

පොලිස්පතිවරයාට වාර්තා කිරීම.

කලගෙඩිහේනෙන් ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් වූ මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයාට වාර්තා කළේය. අනතුරුව ඒ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉකුත් ජුනි 24 වෙනිදා නියෝග කළේය.  ඒ අනුව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වී තිබිණි.

පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අඹුසැමි යුවල සැකකරුවන් ලෙස මුලින් අත්අඩංගුවට ගත්තද නීතිපතිවරයාගේ උපදෙස් මත ඒ අය සාක්ෂිකරුවන් ලෙස නම්කර ඇති බවත් ඔවුන් අධිකරණය හමුවේ සැබෑ තත්වය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයක්  ලබාදී ඇත් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය  දැන් පවසයි.

බොරු සාක්ෂි ගෙතීම සම්බන්ධයෙන් ශානි අබේසේකර හා  එක්ව කටයුතු කළ සෙසු නිලධාරීන් දෙදෙනාවත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙමින් ඇත. ඒ අය අතර මේ වන විට ස්විට්සර්ලන්තයට පළාගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ද වේ.

සිය බලය අයුතු ලෙස යොදා ගෙන සමාජය පෙළා දැමූ මේ මිනිසුන් එක්තරා කාලයක මේ සමාජයේ සිටියේ සමාජ පරමාදර්ශ ලෙසය. එහෙත් ඒ බොරු මවා පෑම් තුළ ඉඳ ඇත්තේ  සමාජ විකෘතියක් බව වැටෙහන විට බොහෝ දෙනෙක් ඒ සඳහා  වන්දි ගෙවා අවසන්ය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුල්ලන් පූසන් සර්පයන් අතේ කුඩු යවපු මිනිස්සු

Next Post

හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල්ට මරණීය දණ්ඩනය…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.