සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල්ට මරණීය දණ්ඩනය…

කහවත්ත හිටපු ප්‍රාදේශීය සභා සභාපති වජිර හා හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්තත් පෝරකයට

by editor
ජූලි 31, 2020
in පුවත්
ප්‍රේමලාල් ජයසේකර

ප්‍රේමලාල් ජයසේකර

Share on FacebookShare on Twitter
හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති, මෙවර පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක  ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මිනී මරුම් චෝදනාවකට වරදකරු වී අද මරණීය දණ්ඩනයට නියම වුණේය.

2015 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා  කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට 2015 ජනවාරි මස 05 දා සඳුදා අලුයම වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රේමලාල් ජයසේකරත්, සබරගමු පළාත් සභාවේ හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වාත් චෝදනා ලැබ තිබිණි.

මරා දමා තිබුණේ ශාන්ත දොඩම්ගොඩ නැමැති අයෙකි.

මෙම මිනීමරුම් චෝදනාව සම්බන්ධයෙන් එදා ප්‍රතිචාර දැක්වූ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර බීබීසී සේවයට කියා සිටියේ  විශාල පිරිසක් පැමිණ ස්වකීය පක්ෂ කාර්යාලය කඩා දැමූ බවත්, එම පිරිසෙහි පාතාල මැරයන් ද සිටි වගත්, ආරක්ෂක අංශවල උපදෙස් මත එතැනින් ඉවත් වූ බවත්ය. ඔවුන්ගේම පිරිසක් තැබූ වෙඩිල්ලක් වැරදී මේ මරණය සිදුවන්නට ඇතැයි ඔහු බී.බී,සී,සේවයට කීවේය.

අධි චෝදනා

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මේ පුද්ගල ඝාතනය සම්බන්ධව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්ති කරුවන්ට අධි චෝදනා ගොනු කෙරිනි.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට විරුද්ධව නිතිපතිවරයා විසින් ගොනු කරණු ලැබ තිබුණි

සිද්ධිය වූ ස්ථානයේ තිබූ වෙළදසල් තුනක සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ ප්‍රතිඋත්පාදන දර්ශන තැටිද අධිචෝදනා සමඟ විත්තිකරුවන්ට ලබා දුන්නේය.

තීන්දුව

පුරා වසර පහක් තිස්සේ අඛණ්ඩව නඩු විභාගය පැවැත්විනි.

එම නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශ කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරට  මරණීය දණ්ඩනය නියම කළේය.

ඔහු සමග කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි යන දෙදෙනා  ද මේ අපරාධය සම්බන්ධව වරදකරුවන් කොට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.

 

Share69Tweet43
Previous Post

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

Next Post

පූකුඩිකන්නාගේ නෑනා සිටින නිවසින් කෝටි 25ක මත්කුඩු අසුවේ..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.