ශ්‍රී ලංකාවට ලබා දෙන අමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මුල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල මෙම මූල්‍ය පහසුකම ලබා දෙන්නේ ආපාදාවෙන් පසු සහන ලබාදීමේ ක්‍රියාවලියට අදාලව ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීමකට අනුවය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හයවන වාරිකය ලබාදීම සඳහා වූ පස්වන සමාලෝචනය මේ මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබිණි. නමුත් දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් ආපදාවට සහන ලබාදීමට අදාලව ශ්‍රී ලංකා රජය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ඉල්ලා සිටියේය.
ඒ අනුව දෙසැම්බර් සිදුකිරීමට සිටි IMF පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කෙරිනි. ඒ ආපදාව හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේද යන්න ඇගයිමටත් යම් කාලයක් අවශ්‍ය වූ බැවිනි.
එවන් පසුබිමක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඊයේ (19) ප්‍රකාශ කළේ කඩිනම් මූල්‍යකරණ උපකරණ හෙවත් RFI වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 206ක් පමණ වූ මූල්‍ය පහසුකම ලබාදීම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බවය.
ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් බටහත් මූල්‍ය පීඩනයන්ට මුහුණ දීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 206ක් පමණ වූ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතවය ඇත.
හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කෙටි කාලීනව යම් බලපෑමක් එල්ල විය හැකි බව ජාත්‍යාන්තර මූල්‍යඅරමුදලේ ශ්‍රී ලංකාව පිලිබඳව වැඩසටහනේ දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ප්‍රකාශ කර තිබේ.
“ අපි තේරුම් අරන් ඉන්නවා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටලුව. ඒ නිසා අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නවා වගේම අපට පුලුවන් උපරිම දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි කරනවා. RFI වැඩසටහන මගිනන් ලබා දෙන මූල්‍ය පහසුකම අය-වැය සහාය සඳහා භාවිතා කළ යුතුය යන්නට අපි හැමෝම එකඟ වෙනවා. ඒ නිසා වෙන් කිරීම් සියල්ල මුදල් මාත්‍යාංශය වෙත ලැබෙනු ඇති.“
“අපගේ මූලික ඇස්තමේන්තුව අනුව “මූලික” යන වචනය මම මෙහිදී සඳහන් කරනවා. කෙටි කාලීන වශයෙන් ශ්‍රි ලංකාවේ වර්ධනයට යම් බලපෑමක් එල්ල කළ හැකියි. ආර්ථික හානියේ ප්‍රමාණය නිසා මෙය දළ දේශීය නිශ්පාදිතයට සැලිකිය යුතු ලෙස එකතු වීමට ඉඩක් ඇති නමුත් එයින් අදහස් වන්නේ රටට දැඩි ආරථික කම්පනයක් ඇති නොමැති බව නොවේ. “
“අපි කෙටි කාලීනව ඉහළ උද්ධමන තත්ත්වයක් අපේක්ෂා කරනවා. ඒ වගේම යැපුම් දාමයේ යම් බාධාවක් අපේක්ෂා කරනවා.”
යටිතල පහසුකම් සහ ආහාර ආනයනය සඳහා දැඩි අවශ්‍යතාවයක් පැන නගින බැවින් ඉදිරි මාස 6-12 ඇතුළත කාලයේ දී ජංගම ගිනුමේ හඟය තව දුරටත් පුළුල් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. කෘෂිකාර්මික අපනයනයන් පහත වැටීම සහ සංචාරක ඉපැයීම් අඩුවීමත් ජංගම ගිනුමේ හිඟය තවත් පුළුල් වෙන්නට බලපානු ඇති. “
“අපි 2026 මුල් භාගයේ දී පැමිණීමට අපේක්ෂා කරනවා. රට ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය කොන්දේසි සහ විසඳුම් සෙවීමට අපි එහිදී බලාපොරොත්තු වෙනවා. “
එවන් පැපර්ජෝර්ජියෝ පැහැදිලි කර තිබිණි.







