මාධ්‍ය වෙත අනාවරණය වූ නවතම ඇමරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තා වලට අනුව චීනය විසින් ශබ්දයේ වේගය අභිබවා ගමන් කළ හැකි අධිතාක්ෂණික නියමුවන් රහිත යානා යොදා ගනිමින් ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් අනාවරණය වේ.
එක්සත් ජනපදයේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත අද දින අනාවරණය කළ පරිදි මෙම චීන සැලසුම සම්බන්ධයෙන් එක්සත් ජනපද බුද්ධ අංශ මගින් තොරතුරු අනාවරණය කරගැනීමට සමත්ව තබේ. එහිදී අදාල පුවත්පත විසින් එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාවත් පදනම් කරගෙන මෙම පුවත වාර්තා කර තිබිණි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළ ආකාරයට චන්ද්‍රිකා ඡායාරූප මගින් චීනයේ ෂැංහයි නගරයේ සිට කිලෝමීටර් 560 පමණ දුරින් නැගෙනහිර චීනයේ ගුවන් කඳවුරක මෙම ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා දෙක නවතා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබී තිබේ.
වාර්තා වන අන්දමට මෙම නියමුවන් රහිත යානා ශබ්දය වේගය මෙන් දෙගුණයක වේගයෙන් ඉහළ වායුගෝලයේ ගමන් කිරීමට හැකියාවත් පවතී ඒ අනුව ඉතා සූක්ෂමව සහ රේඩාර් පද්ධත මඟ හරවමින් සිය නීරීක්ෂණ මෙහෙයුම් වල නිතරවීමට හැකියාව පවතී.
ඒ අනුව මේවන විට චීනය විසින් මෙම නියමුවන් රහිත යානා වලින් සමන්විත නව බල ඇණියක් ස්ථාපිත කර ඇති බවදට එක්සත් ජනපද ආරක්ෂක වාර්තා අනාවරණය කරන බවටද එම පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මම නව චීන නියමුවන් රහිත යානා සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුව තවමත් නිල ප්‍රකාශක් නිකුත් කර නොමැත.







