සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේල්ලවීදිය ඝාතකයා හෙළිවුනේ මෙහෙමයි..

by editor
මාර්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේල්ලවීදිය ඝාතකයා සම්බන්ධව සියලුම තොරතුරු හෙළි කර ගැනීමට පොලිසියට දැන් හැකි වී තිබේ.

මෙම ඝාතකයා සම්බන්ධ හඹා යෑම මුලින්ම ආරම්භ වන්නේ පිටකොටුවෙනි.  කාන්තා මළසිරුර හමුවීමත්, එම කාන්තා මළසිරුර සහිත බෑගය ගත් ඝාතකයා 143 හංවැල්ල බස් රථයක පැමිණිමත් සම්බන්ධ මූලික තොරතුරු ඔස්සෙ පොලිසිය මුලින්ම පරීක්ෂණ මෙහෙයවීය.

අවධානය යොමු වුනේ ඝාතකයා පැමිණ ඇති හංවැල්ල කොළඹ බස් රථය වෙතය. මුලින්ම පොලිසිය  එම බස්රථය සොයාගෙන එහි රියදුරු හා කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ට මේ තැනැත්තා බස් රථය පණගන්වන  විටත් බෑගයක් සමග බස් රථය තුළ සිටි බවට පැහැදිලි මතකයක් තිබිණි.

ඒ ඔස්සේ හංවැල්ලට ගිය පොලිස් කණ්ඩායම මෙම බස්රථය හංවැල්ලෙන් පිටත් වූ වෙලාව ආසන්නයේ අවට වූ සී.සී.ටී.වී කැමරා  සියල්ල නිරීක්ෂණය කළේය. ඒ සී.සී.ටී.වී. කැමරාවල මෙම පුද්ගලයා දැවැන්ත බෑගයක් සමග ත්‍රීවිල් රථයකින් බැසවිත් බස් රථයට ගොඩවෙන ආකාරය සටහන්ව තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිසිය අනතුරුව කරනු ලැබුවේ මෙම පුද්ගලයා පැමිණි ත්‍රීවිල් රථය සොයා ගැනීමය. ත්‍රීවිල් රථයේ රියදුරාට  මෙම පුද්ගලයා හංවැල්ල නවාතැන්පලක සිට බෑගයක් රැගෙන පැමිණ තම රථයට නැගුණු ආකාරය මතක තිබිණි.

පොලිසිය එම නවාතැන්පලට ගොස් එහි සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කළේය. කාන්තාවක් හා පුද්ගලයෙක් නවාතැන්පලට ඇතුළුවන ආකාරයත් එක් අයෙක් පමණක් විශාල බෑගයක් සහිතව ඉන් පිටවන ආකරයත් සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබිණි.

අනතුරුව නවාතැන්පලේ ඇති සටහන් පොතෙන් පැමිණි පුද්ගලයාගේ හා කාන්තාවගේ නම් ලිපින හා ජාතික හැඳුනුම්පත් අංක සොයා ගනු ලැබිණි.  අනතුරුව එම හැඳුනුම්පත් අංකවලට අදාල දුරකථන සංවාදය තොරතුරු ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

සියල්ල තහවුරු වූ පසු මුලින්ම පොලිසිය සොයා බැලුවේ කාන්තවාගේ පාර්ශවය පිළිබඳවය. මෙම පුද්ගලයා අවිවාහකයෙක් ලෙස පෙනී සිටිමින් මෙම කාන්තාව  සමග සම්බන්ධයක් ගොඩනගාගෙන තිබූ බවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඔහු එම සම්බන්ධය ගොඩනගා ගන්නේ ඔහු රත්නපුර ප්‍රදේශයේ රාජකාරි කරනවිට බවත් හෙලි විය.

කාන්තාවගේ සොයුරෙක් පොලිසියට කීවේ ඇය දින කීපයකට පෙර කතරගම යන බව කියා නිවසින් පිටවුණු බවය. පොලිසිය සැකකාර ඝාතකයා සොයා බුත්තල යන්නේ මේ සියලු තහවුරු කිරීම් සමගිනි. එහිදී පොලිසිය නිවස වටකරන විට නිවසින් පැනගන්නා ඝාතකයා සිය දිවි නසාගෙන තිබිණි.

ඝාතන සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් ඇතැයි පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියා දැව හොරුන්ට හමුදාවෙන් වෙඩි… දෙදෙනෙකුට බරපතල තුවාල…

Next Post

සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.