ශ්‍රියානි විජේසිංහ –
වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් සෙවීමට පෙර කම්කරු ඇමතිවරයාගේ වත්කම් හෙලි කරන්නැයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.
ස්වෙච්ඡාවෙන් සේවය ලබාදෙන වෘත්තීය සමිති නායකයින් හදුනාගෙන ඔවුන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ද හෙතෙම කම්කරු ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
කම්කරු ඇමතිවරයෙකුට අවශ්‍ය පරිදි අණපනත් ගෙන ඒමට නෙහැකි බවත් එසේ පනත් ගෙන එන්නේ නම් වාත්තිය සමිති සමග සාකච්ඡා පවත්වා අදහස් ලබා ගත යුතු බවත් කුමුදේශ් සදහන් කරයි.
බලයෙන් මත්වී අනවශ්‍ය බලයක් ආරෝපන්‍ය කරගෙන උමතුවෙන් සිටින නායකයෙකුට වැඩිකාලයක් බලයේ සිටිය නොහැකි බවද හෙතෙම පෙන්වාදේ.
කම්කරු ඇමතිවරයෙක් රටේ වෘත්තීය සමිතිවලට ගරුකිරීමට පුරුදු විය යුතු බවත් එසේ නොකරන ඇමතිවරයෙක් නම් යාමට ස්ථානයක් වහාම සොයා ගන්නා ලෙසත් ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටියි.







