වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, බැංකුකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිළධාරීන් ඇතුලු වෘත්තිකයන් රට හැර යන තැනට රටේ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පෙර දුම්වැටි සඳහනෙිසි වදයාත්මක බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් වසරකට රුියල් බිලියන 50ක පමණ බදු අදායමක් රජයට එකතු කර ගත හැකි බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රජය මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ ඒ සඳහා අවශ්‍ය බිලියන 10ක මුදල නොමැති බව පවසමින් බවත් සිගරට් බදු ප්‍රතිපත්තිය නියාමාකාරයෙන් ක්‍රියාත්මක කළේ නම් රජයට කිසිදු අපහසුතාවයකින් තොරව මැතිවරණ 5කට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගත හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සහ උපදේශකයින් පසුගිය වසර කිහිපයේම සිට සිදු කර ඇත්තේ දුම්වැටි සමාගම්වලින් රජයට ලැබිය යුතු අති විශාල බදු ප්‍රමාණය රජයට අහිමි කරමින් ලංකා දුම්කොළ සමාගම නමින් පෙනී සිටින, කොටස් අයිතියෙන් 84ක් ඇති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අයත බහුජාතික සමාගම්වල අරමුණු ඉටු කිරීම බවට මෙම මධ්‍යස්ථානය චෝදනා කරයි.
වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වෙන්නේ,
‘ආදායම් බදු ඉහළ දැමීම නිසා විශේෂයෙන් වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, බැංකුකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිළධාරීන් ඇතුලු වෘත්තිකයන් ඒ පිළිබඳව සිය අප්‍රසාදය සහ විරෝධතාවය ඉදිරිපත් කර තිබුණි. ‘රට අතහැර යනවා’ යන ප්‍රකාශ ද, බදු වැඩිවීමට එරෙහිව වීදි බැස සිදු කරන විරෝධතාවයන් ද බදු වැඩි වීම වෘත්තිකයින්ට කෙතරම් බලපෑමක් සිදු කර ඇත්දැයි පෙන්වා දෙයි.
සිගරට් බදු වැඩිවීම ජනතාව පීඩනයට පත් නොවන ක්රියාමාර්ගයකි. මුදල් අමාත්‍යංශයේ උපදේශකවරුන්ගේ සහ ඉහළ නිළධාරීන්ගේ ප්රමුඛ කාර්යය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි..” යනුවෙනි.







