බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

by Lanka Sara Editor
ජූනි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තම සමාගම සම්බන්ධයෙන් කළ  අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව හේලීස් සමාගම  ගොනු කරන ලද අයදුම්පතක් සලකා බැලූ  කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. .ඒ අනුව  හේලීස් පී.එල් . සී සමාගම  සම්බන්ධයෙන් කිසිදු  ප්‍රකාශයක් කිරීම,  ප්‍රචාරය කිරීම, මහජනතාවට සන්නිවේදනය කිරීම හෝ වෙනත් ආකාරයකින් සමාගම  සම්බන්ධයෙන් අසත්‍ය, නොමඟ යවන, අපහාසාත්මක ප්‍රකාශ කිරීම වළක්වාලමින් විමල් වීරවංශට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී, ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව කීර්තියක් ඇති බවත්, තවද, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ගෞරවනීය පුද්ගලයින්ගෙන් සමන්විත බවත් එහි පැමිණිල්ලේ සඳහන් වේ. හේලීස් පීඑල්සී ආයතනය ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සන්නාමයක් ලෙස අතිමහත් කීර්තියක් දිනා ඇති බවත්, මෝටර් රථ, විදුලිබල, කෘෂිකර්මාන්තය ඇතුළු බොහෝ අංශවල ක්‍රියාත්මක වන බවත් තවදුරටත් සඳහන් විය.

පැමිණිලිකාර සමාගම සිය  පැමිණිල්ල මඟින් සඳහන් කර තිබුණේ එවැනි පසුබිමක, 2026 පෙබරවාරි, අප්‍රේල් සහ මැයි මාසවලදී, සමාජ මාධ්‍ය වේදිකා හරහා සහ පෞද්ගලික රූපවාහිනියක් විසින් විකාශනය කරන ලද වැඩසටහනකදී, හේලීස් පීඑල්සී වෙත සෘජුව සහ  හෝ වක්‍රව යොමු කර, අපහාසාත්මක, අසත්‍ය සහ පදනම් විරහිත ආකාරයකින් හේලීස් පීඑල්සී, කිංග්ස්බරි පීඑල්සී, හේලීස් හි මෝටර් රථ අංශය, එහි ජෙට්ස්ටාර් ඒජන්සිය, සැපයුම් අනුබද්ධිත ආයතනය, පුනර්ජනනීය බලශක්ති අනුබද්ධිත ආයතන සහ මෑතකදී සුපිරි වෙළඳසැල් බවට පත් වූ හේලීස් සිල්ලර වෙළඳාම පිළිබඳව සඳහන් කර ඇති බවයි.

අදාළ පැමිණිල්ලට අනුව, පැමිණිලිකරු 2026 මැයි 25 හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුට එන්තරවාසියක්  යවා ඇති අතර, එම ඉල්ලීම් ලිපිය ලැබීමෙන් පසුව පවා, විත්තිකරු රූපවාහිනී වැඩසටහනට පැමිණ පැමිණිලිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ  සමාගමේ අනුබද්ධ සමාගම්වල සාමාජිකයින් ගැන සඳහන් කරමින් සහ හඳුනා ගනිමින් අසත්‍ය ආකාරයකින්  තවදුරටත් අපහාස කළ බව දක්වා තිබේ.  ඒ අනුව පැමිණිල්ලට එරෙහිව  විත්තිකරුට අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වැළැක්වීමේ නියෝගයක් අධිකරණය විසින් ලබා නොදුණහොත්, පැමිණිලිකරුට ආපසු හැරවිය නොහැකි හානියක් සහ අනර්ථයක් සිදුවනු ඇතැයි පැමිණිලිකරු සඳහන් කළේය. වාරණ නියෝගයට අමතරව, පැමිණිලිකරුගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා රුපියල් බිලියන 6 ක සමුච්චිත වන්දියක් ද විත්තිකරුගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

‍පැමිණිලිකාර පාර්ශ්වයේ කරුන් දක්වීම සලකා බැලූ අදිකරණය ඉහල නියෝගය ලබා දී ඇති අතර 2026 ජුනි 23 වන දින නඩුව අධිකරණය හමුවට කැඳවීමට නියමිතය.

 

නීතීඥ චනුක ඒකනායකගේ උපදෙස් පරිදි නීතිඥ නිෂාන්  ප්‍රේමතිරත්න, ෂෙනාලි ඩයස් සමඟ සහ ඉෂාර ජයකොඩිආරච්චි සමඟ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේගු අධිභාර “තිරිංගයට“ වාහන ආනයනය නොනැවතේ

Next Post

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.