සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී කිලෝවක් විකුණලා බුලත් විටක් ගන්නත් බෑ… මේ තුට්ටුවට දාලා තියෙන්නේ අපේ ජීවිත… තත්ත්වය මේක නම් ආණ්ඩුවෙ එකෙක්වත් ඡන්දය ඉල්ලන්න හතර මායිමේ එන්න එපා….

මහවැලි ගොවින්ගෙන් ආණ්ඩුවට පණිවිඩයක්...

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter


මනම්පිටිය නිමල් ජයරත්න

  • භූමිය අපේ… යෙදවුම් අපේ… දැනුම සහ තාක්ෂණය අපේ… ශ්‍රමය අපේ… අපේ අස්වැන්න තුට්ටුවට දානව කියන්නේ අපේ ජීවිත තුට්ටුවට දාන එක… මේ අපරාධය වෙන්න ඇරියොත් මාස දෙකකට පස්සේ ආන්ඩුවටම ප්‍රතිඵල බලා ගන්න පුලුවන්…. මහවැලි ගොවීහු අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට දන්වති.

වී කිලෝවක් විකුණා බුලත්විටක්වත් ගත නොහැකි තත්ත්වයකට පත් වී අන්ත අසරණ තත්ත්වයට වී ගොවීන් පත්ව ඇති බවත් රුපියල් එකසිය පනහක සහතික මිලක් වී කිලෝවක් සඳහා නියම නොකළොත් මහවැලි බී කලාපයේ මහවැලි කොට්ඨාස අටක ගොවි සංවිධාන සීයකට වැඩි ප්‍රමාණයක් ඒකරාශී කර ගනිමින් වී සඳහා සහතික මිලක් නියම කරන තෙක් දැවැන්ත අරගලයක් සිදුකරන බවත් මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී.තිලකරත්න දිඹුලාගල ඇල්ලේවැව කෙත් යායේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (01) දිනයේ යලිත් අවධාරණය කළේය.

මේ මිනිසුන් මොරගා කියන්නේ අවු වැසි නොතකා මහ පොළොව හා ගැටෙමින් දරුවෙක් රැක ගන්නා සේ රැක බලාගෙන ඇති දැඩි කළ ගොයමේ අස්වැන්න මේ තරම් බාල්දු නොකරන ලෙසය.



දරුවන්ගේ පංචායුධය පවා බැංකුවට උකස්කර කළ ගොවිතැනේ දී වී කිලෝවක් නිශ්පාදනයට රුපියල් 110කට වඩා ඉහළ මිලක් වැයවී ඇති පසුබිමක නාඩු කිලෝවක් රුපියල් 95ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 100ක මිලකටත් විකුණන්ට සිදුවී ඇත්තේ රජය පාර්ශවයෙන් වී මිලදී ගැනීමක් හෝ කිසිම මිල පාලනයක් ඇති නොකර මහ මෝල්ලු කීප දෙනෙකුට සමස්ථ මහවැලි ගොවි ප්‍රජාවම හූරා කන්නට ඉඩ දී බලා සිටිද්දී බවය.

වැඩි මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් කීරි සම්බා වී වගා කරපු ගොවීන්ගේ වී මිලදී ගැනීමට පෞද්ගලික අංශ පවා මැළවීම හේතුවෙන් එම ගොවින්ට යන එන මං නොමැති බවද ගොවීහු පවසති.

මහවැලි බි කලාපයේ ගොවිපවුල් 25,000 ක් අක්කර 65,000 කට ආසන්න ප්‍රමාණයක් මෙවර යල කන්නයේ වී වගා කර තිබෙන අතර එම ගොවීන්ගෙන් වැඩි පිරිසක් යල කන්නයේ වී වගා කිරීමට බැංකුවලට ණය වී ඇති බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී.තිලකරත්න පෙන්වා දෙයි.

“වී කිලෝවක් විකුණා බුලත් විටක්වත් ගන්න බෑ… ලුණු පැකට්ටුවක්වත් ගන්න බෑ… අපේ අස්වැන්න ඒ තරම් තුට්ටුවට දාලා… අපේ වී අස්වැන්නට සහතික මිලක් බැරිනම් සාධාරණ මිලක් දෙන්න… ඡන්දයට පෙර රජය මේ කටයුත්ත නොකලොත් පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ ගොවිජනතාව එක්ව රජයේ නියෝජනය කරමින් ඡන්දය ඉල්ලා ගමට එන සංවිධායකයින්ට හතර මායිමට එන්න දෙන්නෙ නෑ… පන්නලා දානවා… වී මිල කියන්නේ අපේ ජීවිතේ… අපි ජීවත් වෙනවද නැද්ද කියන සාධකය තමයි වී මිල. සාධාරණ මිලක් ලබා දෙන්න බැරිනම් අපි මේ සටන අත් හරින්නෙ නෑ… මේක අපේ ජීවිතය හෝ මරණය සම්බන්ධ ප්‍රශ්නයක්…” ගොවි සංවිධාන නායකයෝ අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.

PADDY
ණය තුරුස්වලින් බේරෙන්න කුණු කොල්ලයට විකිණෙන වී අස්වැන්න…

“අද අපෙන් රුපියල් 90 ට 100 ට ලබාගන්නා වී තව මාස කිහිපයකින් සහල් බවට පත්කර අතරමැදියන් හා මහා පරිමාණ වීමෝල් ව්‍යාපාරිකයින් අති විශාල ලාභයක් ගන්නවා… මේ වනවිට පොළොන්නරුවේ ජීවත්වන අපටත් කීරි සම්බා කිලෝ එකක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් 360 ක් 380ක් වැනි මිලකට… මේ ශ්‍රමය අපේ… මේ බිම් අපේ… මේ තාක්ෂණික දැනුම අත්දැකීම් අපේ. අපේ නිශ්පාදනය තුට්ටුවට දානවා කියන්නේ අපේ ජීවිත තුට්ටුවට දානවා කියන එක. ආණ්ඩුව මේ අපරාධය කළොත් මේකේ ප්‍රතිවිපාකය තව මාස දෙකකින් ලැබෙයි…”

මහවැලි ගොවීන් කියන්නේ එවැනි කතාවකි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මතීෂ පතිරණත් එලියට… මුල් වේග පන්දු යවන්නන් 4ම ආබාධිතයි… මොහොමඩ් සිරාජ්, එෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි!

Next Post

බොරළුගොඩ සිංහයාගේ පුතා රනිල්ට සෙට් වෙයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.