භූතානයේ 22 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩක සෝනම් යෙෂී විස්සයි20 තරග ඉතිහාසයේ විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතාවක් දක්වමින් ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිබේ.
ඔහු මෙම ලෝක වාර්තාව තබනු ලබන්නේ මියන්මාරයට එරෙහිව පැවැතවෙන තරග මාලාවේ දී පසුගිය 26 වැනිදා භූතානයේ ගෙලෙෆු හි දි පැවති තුන්වන විස්සයි 20 තරගයේ දී මියන්මාර කඩුළු 08ක් ලකුණු 07කට දවා ගනිමිනි.
විස්සයි 20 තරග ඉතිහාසයේ එක් පන්දු යවන්නෙක් කඩුළු 08ක් දවා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන්නේ මෙම අවස්ථාවය. මීට පෙර හොඳම පන්දු යැවිම වූයේ කඩුළු 07කි.
අමතක නොවන පන්දු යැවීමක කළ සෝනම් යෙෂී සිය පන්දු ඕවර 04 තුළ ලබා දුන් ලකුණු සාමාන්‍යය 1.75ක් ලෙස සටහන් විය.
මින් පෙර විස්සයි 20 තරගයක දී හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුනේ නෙදර්ලන්ත ක්‍රීඩක කොලින් ඇක්මන්ය. ලෙස්ටර්ෂෙයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් බර්මින්හැම් බෙයාර්ස් කණ්ඩායමට එරෙහිව එහු මෙම දස්කම දක්වන්නේ 209 අගොස්තු මස 07 වැනිදා ය. විශේෂත්වය වන්නේ කොලින් ඇක්මන් ඔෆ් බ්රේක් පන්දු යවන්නෙක් වුව ද ඔහු නිත්‍ය පන්දු යවන්නෙක් නොවීමය.
2025 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඩකා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් දවා ගැනීමට බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් සමත් වූයේය. ඉන් පෙර 2020 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී . 2020 දී කුල්නා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර් ලකුණු 17කට කඩුලු 6ක් දවා ගෙන තිබිණි.
නිල නොවන විස්සයි 20 ජාත්‍යාන්තර තරගවලදී මේ දක්වා පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් කඩුලු හතක් දවා ගැනීමට සමත් වී ඇත. මැලේසියාවේ සියාස්රුල් ඉඩ්රස් 2023 දී චීනයට එරෙහිව ලකුණු 08කට කඩුළු 07ක් ලැබුවේය. බහරේනයේ අලි ඩාවුඩ් 2025 දී භූතානයට එරෙහිව ලකුණු 19කට කඩුළු 07ක් ලැබුවේය.
සෝනම් යෙෂී වාර්තාව තැබූ තරගයේ දී භූතානයේ ලකුණු 128ක ඉලක්කය හඹා ගිය මියන්මාර කණ්ඩායම ලකුණු 45කට දැවි ගියේය. භූතානය ලකුණු 82ක ජයග්‍රහණයක් වාර්තා කළේය.
ඓතිහාසික පන්දු යැවීමෙන් පෙරමුණ ගත් අතර, භූතානයට ලකුණු 82 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාරී විය.







