අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකාව ලකුණු 313 හඹා ගොස්  ජයග්‍රහණය සනිටුහන් කරති….

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම අත් කරගත්තේය.

එක් දින තරගයක දී ලකුණු 300ක් ඉක්මවා හඹා ගොස් ජයග්‍රහණයක් අත් කරගැනීම අති විශේෂ අවස්ථාවකි. අද ඒ අති විශේෂ අවස්ථාව පල්ලේකැලේ දී ප්‍රකට වූයේ නරඹන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති උද්වේගකර චමත්කාරය අත්කර දෙමිනි.

විශිෂ්ට පිතිකරණයක නිතර වූ චරිත් අසලංක සහ දුනිත් වෙල්ලලාගේ නොතිබුණ ජයග්‍රහණයක් වෙත අවසාන මොහොතේ අප කැඳවාගෙන ගියහ. චරිත් පන්දු 72ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 05ක් සමගින් නොදැවී ලකුණු 83ක් රැස් කළේය.

දුනිත් වෙල්ලාලගේ පන්දු 21 දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 නොදැවී ලැබුවේය.

සිය ජ්‍යෙෂ්ඨයාට ශක්තියක් වන අතරම     පරාජය අභියස නොසැලී  සිට එය ජයග්‍රහණයකට පරිවර්තනය කරගැනීමේ විශ්වාසනීය  පෞරුය යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද රටට පෙන්නුවේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය  පිළිබඳව කියැවෙන බලපොරොත්තු සහගත තරු ලකුණ අද පල්ලෙකැලේ දී පායා තිබිණි.

ඇෆ්ගනිස්ථානය ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය 314කි.  තරගය නිමා වන්නට පන්දු  2ක් ඉතිරිව තිබිය දී කඩුළු 06ක් පමණක් දැවී එම ඉලක්කය ලබා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීම තේරූ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම ලකුණු 313ක් ලබා ගත්හ.  අතිශයින්ම මනරම් පිතිකරණයක යෙදුණු ඊබ්‍රහීම් සද්‍රාන් වටා ඒ දැවැන්ත ලකුණු සංඛ්‍යා කේන්ද්‍ර වුනේය. සද්‍රාන් ලකුණු 162ක් ලැබුවේය. ඒ පන්දු 138ක දීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හොඳටෝම ගුටි කෑහ. හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සද්‍රාන්ගේ එම ලකුණු 162ට ඇතුළත් විය. ඔහු දැවී යන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුවේ දී ය. නජිබුල්ලා සද්‍රාන් ලකුණු 77ක් ලැබුවේය. ඒ පන්දු 76ක දී ය.  ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 60කට කඩුළු 03ක් ලැබුවේය. වනිඳු හසරංග ලකුණු 67කට කඩුළු 02ක් බිඳ හෙළුවේය.

සද්‍රාන්…

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයට පැමිණෙන්නේ දැවැන්ත පීඩනයක් ද සමගිනි. මේ තරගය කෙසේ හෝ ජය ගැනීමේ අවශ්‍යතාවය දැඩිව තිබිණි. නොඑසේ නම් සිය රටේ දී තරගාවලි පරාජයකට මුහුණ දෙන්නට සිදුවෙන්නේය. මේ ඉන්නේ මීට මාස කීපයකට එපිට දී  විස්සයි 20 ආසියානු කුසලානය දිනාගෙන පෙරහර කරමින් රැගෙන ආ කණ්ඩායමය.

අනෙක් අතට ලකුණු පුවරුවේ ඇත්තේ ජයග්‍රහණය බොහෝ දුර බව කියන ලකුණු 313ක ඉලක්කයකි.

කෙසේ වෙතත් ආරම්භක පිතිකරු යුවල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශක්තිමත් ආරම්භයක් ගොඩනැගූහ. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 101කි. 17වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවෙන් කුසල් දැවී යනවිට ඔහු  පන්දු 61ක දී ලකුණු 67ක් ලබාගෙන තිබිණි.

අනතුරුව පැතුම් නිශ්ශංක වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳි සිටියෙ නැත. 20වැනි ඕවරයේ පළමු පන්දුවේ දී රශීඩ් ඛාන් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී පැතුම් දැවී ගියේය.

ධනංජය ද සිල්වා ලකුණු 05කට රෂීඩ් ඛාන්ට ගොදුරු විය.

දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 33කි.  ඊට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164කට කඩුළු 04ක් බිඳවැටී තිබූ අවස්ථාවේ දී චරිත් අසලංක සහ නායක දසුන් ශානක පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක ශක්තිමත්  සම්බන්ධතාවයක් ගොඩනැගූහ. මේ අවස්ථාව වනවිට තරගය ජය ගත හැකි වනු ඇතැයි යන සියුම් හැඟීමක් ප්‍රේක්ෂකයන් තුළ ඇති වී තිබිණි.

එහෙත් රෂීඩ් ඛාන්ගේ පන්දුවක් දසුන් ශානක පරදවා ගොස් කෙළින්ම කඩුල්ලේ දැවටී ලකුණු 43කට  දැවී යාමත් රෂීඩ්ගේ  ඊලඟ පන්දු ඕවරයේ දී වනිඳු හසරංග ලකුණු 2කට  දැවී යෑමත් සමග යලිත් පරාජයේ අඳුරු හෙවනැලි ශ්‍රී ලංකා කණ්ඩායමට පතිත වෙමින් තිබිණි.

හත්වෙනි කඩුල්ල වෙනුවෙන් චරිත් සමග එක් වී සිටියේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේය.  විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් සිටි චරිත් අසලංක දුනිත් සමග පිතිකරණයේ යෙද සිටියදීම මස්පිඩු පෙරළීමකට ලක් වුනේය. ඒ සමගම ඔහුගේ පිතිකරණ රිද්මය වෙනස් වන්නට විය. වේගයෙන් කඩුලු අතර දිව යෑමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය.

මේ අතර අනෙක් අන්තයේ ස්ථාවර වෙමින් සිටි දුනිත් අවසන් පන්දු ඕවර දෙකේ තුනේ දී චරිත් වගකීමෙන් නිදහස් කර තරගයේ රිද්මය පාලනය කිරීම තමන් අතට ගත්තේය.

48 වැනි පන්දු ඕවරය නිමා වනවිට ශ්‍රී  ලංකා කණ්ඩායම ලකුණු 285කට කඩුළු 06කි.  ජයග්‍රහණයට ලකුණු 29ක් පන්දු 12ක් තුළ ලබා ගත යුතුය.

පන්දු යවන්නට කැඳවූ ගුල්බ්ඩීන් නබි දුනිත් වෙල්ලාලගේ ගේ දරුණු ප්‍රහාරයකට ලක් වුනේය. ඔහු නබිට එරෙහිව හතරේ පහර 03ක් එල්ල කළේය. එම ඕවරයේ දී ලකුණු 16ක් ලබා ගැනීමට දුනිත්  වෙල්ලාලගේ සහ සහ චරිත් සමත් වූහ.

අවසන් පන්දු ඕවරයේ ලකුණු 13ක් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු විය. අවසන් ඕවරයේ  ආරම්භක පන්දුවේ දීම දුනිත් හයේ පහරක් එල්ල කළේය. පන්දු පහක දී ලකුණු 07කි. ජයග්‍රහණයේ නිශ්චිත සලකුණු දුනිත් සටහන් කළේය.

අනතුරුව දැවැන්ත හයේ පහරකින් චරිත් අසලංක තරගය නිමා කළේ පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ය.

මේ තරගයේ අතිශය තියුණු පන්දු යැවීම පෙන්වනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ රශීඩ් ඛාන්ය. ඔහු පන්දු ඕවර 10 තුළ ලකුණු 37කට කඩුළු 04ක් ලැබීය. ඉන් තුනක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීම්ය.

තරගයේ වීරයා චරිත් අසලංකය. තරගාවලියේ වීරයා ඊබ්‍රහීම් සද්‍රාන්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඕනෑ තැනට තාමත් නැති චීනයේ සහනය

Next Post

චීන විරෝධතාවන් නිසා වසා දැමුනු නණු නගර දෙකක් විවෘත වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.