බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශිෂ්ට ජයක්… ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංගලි තරුණියන් පරදවමින් තරගාවලිය අරඹති!

by editor
ජූලි 20, 2024 - Updated on ජූලි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මුල්ම තරගය අද (20) ය. විදුලි ආලෝය යටතේ රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙනය.

කාසියේ වාසිය දිනු බංගලාදේශ ක්‍රීඩිකාවෝ පන්දුවට පහරදීම  තේරූහ. අප දුටුවේ පිටියේ මෙතෙක් නුදුටු තරමේ විශිෂ්ට පන්දු රැකීමකි.

ඉනෝෂි ප්‍රියදර්ශනී පන්දු යවමින් රැකගත් උඩපන්දුව ඕනෑම කාන්තා විස්සයි 20 තරගයක දී ලබා ගත් හොඳම උඩපන්දු අතර තිබෙන බව නිසැකයය.

කවර් පොයින්ට් හි නිලක්ෂි සිල්වා රැකගත් උඩපන්දුව ලෝන්ග් ඕන කලාපයේ හතරේ සීමාව ආසන්නයේ සිට නැවත වරක් නිලක්ෂි සිල්වා රැකගත් උඩපන්දුව මෙන්ම හසිනි පෙරේරාගේ පන්දු රැකීමකින් කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනි ලබා ගත් දුවද්දී දැවී යෑම ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ විශිෂ්ටත්වය ඉනිම පුරා කැපී පෙනුනි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ පහසු ජගහ්‍රණහට පදනම දැමුවේ පිටියේ විශිෂ්ට පන්දු රැකීමය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

බංගලාදේශ කණ්ඩායම ලකුණු 111කට සීමා වුනේය. හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමේ නායිකා නිගාර් සුල්තානා පන්දු 59ක දී නොදැවී ලකුණු 48ක් ලැබුවේය. ෂොර්නා ආක්ටර් ලකුණු 25ක් පන්දු 14ක් තුළ ලැබුවේය. රබෙයියා ඛාන් ලකුණු 10කි. අනෙක් එක පිතිකාරිණියක්වත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුළු 2ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17ට කඩුළු 2ක්, සුගන්ධිකා කුමාරි, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සුපිරි ක්‍රීඩිකා චමරී අතපත්තු ලකුණු 12කට දැවී ගියාය. එහෙත් ශ්‍රි ලංකා කන්තා කණ්ඩායමේ දිදුලන්නට පටන් ගත් යොවුන් පිතිකාරිණිය වූ විෂ්මි ගුණරත්න මනරම් පිතිකරණයක යෙදෙමින් ලකුණු 51ක් ලැබුවාය. පන්දු 48ක දී ලැබූ ඒ ලකුණු 51ට හතරේ පහර හතක් ඇතුළත් විය.

ඇය හා මනා සම්බන්ධතාවයක් ගොඩනැගූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 31ක දී හතරේ පහර 4ක් සමග ලකුණු 33ක් ලැබුවාය.

දැවී ගියේ කඩුළු 03ක් පමිණි. පන්දු 17ක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා කන්ඩායම කඩුළු 7ක විශිෂ්ට ජයක් ලැබුවේය. තරගයේ විශිෂ්ඨ ක්‍රීඩිකාව වූයේ විෂ්මි ගුණරත්නය.

අද ශ්‍රී ලංකා බගංලාදේශ තරගය පැවැත්වුනේ බී ඛාණ්ඩයෙනි. ඒ මේ තරගාවලියේ සිව්වන තරගය ලෙසය.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවති තරගයේ දී නේපාල කණ්ඩායම කඩුළු 06ක ජයක් ලබා ගත්තේය. නේපාලය වෙනුවෙන් විශිෂට පිතිකරණයක යෙදුන සම්පානා ඛඩ්කා පන්දු 45ක් තුළ හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 72ක් ලැබුවාය. ඔවුන් ජයග්‍රහණය ලබා ගත්තේ පන්දු 23ක් ඉතිරිව තිබියදී ය.

දෙවැනි තරගය ලෙස ඊයේ විදුලි ආලෝක මධ්‍යයේ රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ පැවැති තගාවලියේ ආකර්ශනීයම තරගය වූ ඉන්දියා පකිස්ථාන තරගයෙන් ඉන්දියා කණ්ඩායම කඩුළු 7ක පහසු ජයක් ලබා ගත්තේ පන්දු 35ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය පසුකර යමිනි.

අද උදේ තුන්වන තරගය ලෙස පැවැත්වූ තායිලන්තය සහ මැලේෂියාව අතර පැවති තරගයෙන් තායිලන්ත කණ්ඩායම ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වවිද්‍යාලයට දේශපාලනය අවශ්‍ය නෑ… තර්ජනකාරි දේශපාලනය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතුයි… ජනපතිගෙන් බරපතල ප්‍රකාශයක්!

Next Post

ඇසළ පොහොය දා මිතුරන් සමග තොටගමුව මුහුදේ දිය නාන්න ගිය සිසුවෙක් අතුරුදහන්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.