සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්පත්තුවේ ඩෙඟා නටන අවුරා ලංකා ලොක්කාගෙන් රාජංගනය OIC ට මරණ තර්ජන!

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විල්පත්තුව වනජීවී ප්‍රේරක කලාපය තුළ ගොවි සංවිධානවලත්, ප්‍රදේශ වාසීන් විශාල ප්‍රමාණයකගේත් විරෝධය මැද මේ වනවිට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවැත්වෙමින් ඇති අවුරා ලංකා සංගීත ප්‍රසංගය සංවිධානය කරන එම අයාතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල  එම ප්‍රසංග භූමිය තුළ දි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය  තර්ජනය කිරීම සම්බන්ධව ස්ථානාධිපතිවරයා රාජකාරි සටහනක් තබා තිබේ.

“ ඕ.අයි.සී මහත්තයා මම දකිනකොට හැංගෙන්නේ ඇයි?. කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න… උඹ දැනගනින්.. උඹේ යුනිෆෝම් එක ගලවනවා. “ යැයි පවසා ඔහු රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන සිදුකර ඇතැයි එම සටහනේ දැක්වේ.

සැකකරු එම අවස්ථාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩකඩ තිබූ හෙයින් ඔහුව අත්අඩංගුවට නොගත් බවද ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රසංගය සම්බන්ධ රට පුරාම බරපතල ආන්දෝලනයක් ඇති වී තිබිණි.

පසුගිය කාලය පුරා   අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන කෝමාරිකා වගාවන් සිදු නොකළ බවට මෙම සංවිධානයට චෝදනා එල්ල විය. එමෙන්ම එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලන බලවතුන් මෙන්ම පොලිස් ප්‍රධානීන් ද මෙම පුද්ගලයා විසින් මුදලට ගෙන තිබුණු බව කියැවිනි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

රාජාංගනය යාය 18 ප්‍රසංගය

රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ තැනැත්තා මරණ තර්ජනය කරන්නේ එවැනි පසුබිමක් තුළය.

කෙසේ වෙතත්  දින 20 ක් රාත්‍රි කාලය පුරා මෙම සංගීත ප්‍රසංගය විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ පැවැත්වීම හේතුවෙන් එහි ජෛව ප්‍රජාව ගේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වීම හා ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවට දැඩි මහජන පීඩාවක් ඇති වීමට නියමිත බව මෙම ප්‍රසංගය සංවිධානය කිරීමට පෙර සිට දැඩිව අවධාරණය විය.

“ ගැමියෝ මේ ප්‍රසංගයට විරුද්ධ වෙන්නේ  බොහොම සාධාරණ පදනමකින්.  අපි මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පොලිස් අධිකාරීවරයාට ඇතුළු සියලු දෙනාටම පැමිණිලි කළා. ඒත් ඵලදායී ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.”

“ පසුව ගොවි සංවිධාන, ගම්මානය සුරැකීමේ සංවිධානය,  ප්‍රදේශයේ බහු ජන සංවිධාන එකතු වෙලා මාධ්‍ය හමුවක් තියලා මේ ප්‍රසංගයට විරෝධතාවය පල කළා.”

“ අපි මේ විරෝධය පල කළේ ද්වේශයෙන් නෙමෙයි.

විල්පත්තු මායිමේ විදුලි එළි

මොකද මේක වනජීවි කලාපයක පවත්වන්නේ. වනජීවී එකට අයිති ඉඩමක්. මේ ඉඩම සම්බන්ධව උසාවි නඩුවක් තියනවා. කාලෙකට කලින් දමපු  ඒ නඩුව මගින් වනජීවි දෙපාර්තමේන්තුවෙන් තහනම් කරලා තියනවා එම ඉඩමට ඇතුළු වෙන්න.   ඒ තහනම තවම ක්‍රියාත්මකයි.”

“ඒ ඉඩම ඇතුළේ මේ ප්‍රසංගය තියන්නේ. මේක කළාම වෙන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම විල්පත්තුව සතුන්ට වෙන බලපෑම.  දවස් විස්සක් මේ අය එක දිගට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා, වෙඩි පත්තු කරනවා.   දැඩි ආලෝක ධාරා භාවිතය සිද්ධ කරනවා. “

මේ අසල පාසල් දෙකක් තියනවා.  ළමයින්ට දවස් විස්සක් පාසල් පාඩුයි.  ඊලඟට මේ ප්‍රසංගය හරහා දියත්වන  මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම.   මේක වළක්වන්න පොලිසිය  උත්සාහ කරන්නේ නෑ. ගමට වන හානිය එක්ක තමයි අපි මේ සිද්ධිය ගත්තේ.” ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රසංගයට පෙර ලංකාසරට කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ හින්දු හා ක්‍රිස්තියානි කාන්තාවන් සේම දරුවන්ටද දැඩි තාඩන පීඩන

Next Post

TikTok වෙනස් වෙයි..දැන් ලියන්නත් පුළුවන්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.