අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විලච්චියේ දරු පැටව් හාමතේ ඇද වැටෙන හැටි පාර්ලිමේන්තුවේ දී කියැවෙයි…

by editor
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුනක දරුවන්  20කට වැඩි ප්‍රමාණයක්  ඊයේ (21) දවස තුළ පාසලේ ආරම්භක රැස්වීමේ දී  කෑම නැති කම නිසා සිහිසුන්ව ඇද වැටී ඇති බවත් මේවා හුදකලා සිදුවීම් ලෙස නොසලකා සමස්ථ දරුවන් වෙනුවෙන් පෝෂණ වැඩසටහනක් දියත් කරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   කේ.පී.එස්. කුමාරසිරි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා කීවේ   විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේත්, කිඹුලාව ගාමිණී මහා විද්‍යාලයේත්, කිඹුලාව ආනන්ද විද්‍යාලයේත් දරුවන් මෙසේ හාමතේ ඇද වැටී ඇති බවය.  මේ දරුවන් අසරණ ගොවි පවුල්වල දරුවන් බව ඔහු කීවේය.

‍ මිනුවන්ගොඩ පාසලක දරුවෙක් දිවා ආහාරය සඳහා කුරුම්බා ලොඳ රැගෙන පැමිණි සිද්ධිය ද මන්ත්‍රීවරයා මෙහි දී මතු කළේය.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ කුරුම්බා ලොඳ සිද්ධිය සාහසික බොරුවක් බවය. එවැනි සිදුවීමක් එම පාසලේ සිදු වී නැති බව ඇමතිවරයා තහවුරු කළේය.

කෙසේ වෙතත් විලච්චිය සිද්ධිය ගැන තමන්ට සොයා බැලිය හැකි බවද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාවේ දී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නැගී සිට ප්‍රකාශ කළේ ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නා ලෙසත් මේ ආකාරයට උද්දච්ඡව හැසිරීම නවත්වන ලෙසත්ය.

එවිට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කීවේ ප්‍රශ්නයක් ඇති බව තමන් පිළිගන්නා නමුත් සිද්ධි සාමාන්‍යකරණය කිරීම බරපතල වරදක් බවය. විද්‍යාත්මක පදනමක් සහිතව මේ සම්බන්ධව කතා කළ යුතු බව ඇමතිවරයා කීවේය.

ඒ අවස්ථාවේ දී නැගී සිටි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැහැදිලි කළේ රටේ ලක්ෂ 11ක් දරුවන්ට දිවා ආහාරය ලබා දුන් නමුත් වසර දෙකක් තිස්සේ එය ක්‍රියාත්මක කිරීමට අප  අපොහොසත් වී ඇති බවය. ඒ තත්ත්වය තුළ දරුවන් ලක්ෂ 11 හාමතේ බවත් එය පිළිගෙන මේ  සම්බන්ධව ක්‍රියා කිරීම විද්‍යාත්මක පදනම   බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුරුම්බා ලොඳ කතාව බොරු කරන්න ගිය කෙහෙළියට කතා නායකගෙන් අවවාදයක්….

Next Post

සණස මූලිකව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් ඇරැඹේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.