ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කිරීමට තීරණය කර ඇත. සාමාන්‍යාධිකාරීවරයා විසින් මීට අදාල චක්‍රෙල්ඛය අද ආයතනයේ සියලුම අංශ වෙත මේ වනවිට යවනු ලැබ ඇත. ඔවුන්ට යම් හෙයකින් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයකු ලවා එම නිවාඩුව අනුමත කර ගත යුතු බවටද දන්වා ඇති බව විදුලි බල අරංචි මාර්ග සඳහන් කරයි.
යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා අත්සන් කර ඇති ගිවිසුමට විරෝධය පළ කරමින් හෙට (03) විදුලි බල වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවත්වීමට මේ වනවිට කටයුතු යොදා ඇති අතර මෙම නිවාඩු අවලංගු කිරීමේ තීරණය පැමිණියේ අද දිනයේය.
කෙසේ වුවද නිවාඩු අවලංගු කිරීම පිළිබඳව චක්‍රෙළ්ඛය තමන් නොසලකා හරින බවත් හෙට දිනයේ කොළඹ දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට ලෙඩ නිවාඩු දමා පැමිණිමට සේවක සංගම් තීරණය කර ඇති බවත් විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







