පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 12 දෙනා රැගෙන ගොස් රඳවාගෙන ඇති මහරගම පොලිසියට ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහරගම පොලිසිය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වමින් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් පිරිස ගංගොඩවිල උසාවියට නොව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගොස් ඇත.
ස්වේචඡාවෙන් ඉදිරිපත්වුන නීතිඥ කණ්ඩායම් අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් ඉදිරිපත් වී තිබේ.







