ජනාධිපතිවරයා විසින් ඇමැති ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ලබන සතියේ සිට ආණ්ඩුවේ දූෂණ වංචා සියල්ල හෙළි කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව රට පුරා දැවැන්ත රැළි පවත්වා ආණ්ඩුවේ වත්මන් තත්ත්වය, රටේ අර්බුදය ඇතිවූ ආකාරය සහ ඔවුන් ඉවත් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
ලබන අඟහරුවාදා සිට ශ්රී ලංකා නිදහස් පක්ෂය හැර, ආණ්ඩුවේ සෙසු හවුල්කාර පක්ෂ 10ක සියලු මන්ත්රීවරුන් විපක්ෂයේ ස්වාධීන මන්ත්රී කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.
යම් හෙයකින් මෙම හවුල්කාර පක්ෂ සාමාජිකයින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීනව කටයුතු කළහොත් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බහුතරයක් නොමැති ව යනු ඇත.







