සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපතට පත් සේවකයින් 25ක් වෙනුවෙන් සේවක වැටුපෙන් එකතු කළ මුදලට වෙච්චි දෙයක් නෑ… පොලොන්නරුව ලංගම රියදුරන් සහ කොන්දොස්තරලාගෙන් චෝදනාවක්!

by editor
පෙබරවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් විසිපස් දෙනෙකු සඳහා මුදල් ලබාදෙන දීමට බව පවසමින් දෙසැම්බර් මාසයේ තම කැමැත්ත මත වැටුපෙන් අඩු කරගත් මුදලේ එකතුව වූ රුපියල් 7,20,000 ක මුදල එම සේවකයින්ට,ඩිපෝවේ නිලධාරීන් විසින් මෙතෙක් ලබාදී නොමැති බවට පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරු  චෝදනා කරති.

මෙම සුළි කුණාටුවෙන් ලංගම ඩිපෝවේ සේවකයින් විසි පස්දෙනෙකු අසරණවූ බව   පවසා, දැන්වීම්කර දෙසැම්බර් මාසයේ වැටුපෙන් එක් සේවකයෙක්ගෙන් රුපියල් 1200 ක මුදලක් අඩුකර ගත් බවත්, ඒ අනුව සේවකයින් හයිසීයකගෙන් 1200 කින් රුපියල් 7,20,000 ක මුදලක් අඩු කරගත්තද, සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් විසිපස්දෙනාට රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලක් ලබාදී ඇත්තේ ඩිපෝවේ සේවක සුබ සාධන අරමුදලින් බවත් කොන්දොස්තරවරුන් සහ රියදුරන් සඳහන් කරති.

දිට්වා සුළි කුනාටුව නිසා පොළොන්නරුව ලංගම ඩිපෝවේ සේවකයින් විසි පස්දෙනෙකුගේ නිවාස සහ ඔවුන්ගේ දරුවන්ගේ සම්පත් අහිමි වී ඇති බවට පවසා, ඔවුන්ට සරණක් වීමට මාසික වේතනයෙන් රුපියල් 1200 ක මුදලක් පරිත්‍යාග කරන ලෙසට ඩිපෝවේ කළමනාකාරවරයාගේ අත්සනින් යුත් දැන්වීමක්  නිකුත් කර තිබිණි.

ඩිපෝවේ සුබ සාධන අරමුදලෙන් රුපියල් දහදාහක මුදලක් පමණක් අසරණ වූ පිරිසට ලබා දී ඇති නමුත්   දෙසැම්බර් මාසයේ තම වැටුපෙන් අඩුකරගත් මුදලට වෙච්චි දෙයක් නොමැති බවද පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ  කොන්දොස්තරවරු චෝදනා කරති.

අප මේ පිළිබඳව පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරු, බී.ඒ. ප්‍රේමසිරිගෙන් දුරකතනයෙන් කළ විමසීමේ දී ඔහු  සඳහන් කළේ, කොන්දොස්තරවරුන්ගෙන් සහ රියදුරන්ගෙන් වැටුපෙන් අඩු කරගත් මුදල්, එලෙසම තිබෙන බවත්,   පීඩාවට පත් සේවකයින් 25 දෙනාට මුදල් ලබාදීමට සේවකයින්ගේ යම් යම් විරෝධය පළ වූ නිසා, ඩිපෝවේ සුබ සාධන අරමුදලින් සේවකයින් 25 දෙනාට රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කළ බවත්ය.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

තදුරටත් රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරුන්ගෙන් විරෝධය පළ වුවහොත් සේවක වැටුපෙන් අඩුකර ගත් 1200 මුදල ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සමග තරග වදිනවා ද?.. නැද්ද?… පකිස්ථානය සිය ස්ථාවරය පැය 24ක් තුළ දැනුම් දීමට සූදානම්!

Next Post

යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපල 2025 වසරේ දී  ඉතිහාසයේ වැඩිම ආදායම උපදවයි..

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.