බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂ නායක සජිත් අගමැතිනී ආචාර්ය හරිනි ගේ ගෝලයෙක් වූ හැටි…

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කෙරෙන රැල්ල බැස ගොස් නැත. එක එකා – එක එකාගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරගන්නේය. ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂ නායකයවරයාට කීවේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. විපක්ෂ නායකවරයා ඕ ලෙවල් සමත් වී නැති බවට සමාජයේ කථිකාවක් ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවේම නැගිට වෛද්‍ය නලින්ද ජයතිස්සට කීවේ පසුදින තමන් සිය පශ්චාත් උපාධිය දක්වා පැමිණි ගමන සනාථ කරන සාධක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

පොරොන්දු වූ ආකාරයෙන්ම විපක්ෂනායකවරයා උප්පැන්න සහතිකයේ සිට අධ්‍යාපන සහතික සහ පාසල් වියේ අත් කරගත් ජයග්‍රහණ සහිත සියලුම සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙහිදී මතු වූ අපූරුම සිද්ධිය වූයේ විපක්ෂ නායකවරයාගේ ගුරුවරියක ලෙස ආචාර්ය හරිනී අමරසුරිය ද කටයුතු කර තිබීමය. ඒ ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ සිය පශ්චාත් උපාධි කටයුතු ආරම්භ කළ 2020 මුල් වකවානුවේ දීය .

” මම ඇයගේ දේශන වාර ගණනකට සහභාගී වුනා. එතුමිය දක්ෂ ගුරුවරියක්…” විපක්ෂ නායකවරයා පැවසුවේය. අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා කරන මඩ ප්‍රචාර සම්බන්ධව තමන් කිසිම තැකීමක් නොකළත් වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා විසින් එය මතු කළ අවස්ථාවේ එය ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් වී ඇති ආකාරය තමන්ට වැටහුන බව විපක්ෂ නායකවරයා කීවේය.

ඔහු පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මම දන්නවා ජනාධිපති තුමත් මේ සභාවෙ ඉන්නවා. ප්‍රමාදය ඇති වුනේ මේ ප්‍රකාශය නිසා කියලා මට චෝදනා කරන්න එපා.  ඊයේ දවසේ නලින්ද ජයතිස්ස මැතිතුමා ඉදිරිපත් කළ කාරණාවක් මුල් කරගෙන මම හිතුවා අධ්‍යාපනය ගැන සියලු කරුණු කාරණා ඉදිරිපත් කරලා ගැටලු තියනවා නම් ඒ පිළිබඳවත් ඔබතුමන්ලාට සොයලා බලන්න සම්පූර්ණ නිදහස ලබා දෙන්න.

මම පෙර පාසල් ගියේ සෙන් බ්‍රිජට් කොන්වන්ට් එකට. ඊට පස්සේ 1 සිට 5 දක්වා මම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙ. ඊලඟට හයේ පන්තියේ සිට 9 පන්තිය දක්වා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ නෑ මේ රටේ. ඒ නිසා මම පියුපිල්ස් රිසල්ස් ෂීට් එක තියනවා. ඒ වගේම රෝයල් කොලේජ් එකේ ස්කූල් රෙකෝඩ් එක මගේ ලඟ තියනවා. මේක මම අස්වුන අවස්ථාවෙ ලැබුණ දේ. කොළඹ රාජකීය විද්‍යාලයේ දි කාලයක් මම කිනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙසත් 13න් පහළ ක්‍රිකට් කණ්ඩාමේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළා.

ඉන් පසුව මම මිල්හිල් විද්‍යාලයේ අධයාපනය හැදෑරවා එක්සත් ජනපදයේ. 1983-84 කාල වකවානුවේ මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ඔක්ස්ෆර්ඩ් ඇන්ඩ් කේම්බ්‍රිජ් ස්කූල්ස් ඇසෝසියේටඩ් එග්සැමිනේෂන් බෝඩ් කියන මණ්ඩල දෙකක් ඒකාබද්ධව ඉදිරිප් කළ ඕලේවල් විභාගයට ඉදිරිපත් වුනා. ඒකට මට ඒ 2ක් බී 2ක් සහ සී 3ක් හම්බවෙලා තියනවා. බොහෝ ලෙස කතා වුනා මා ඕලෙවල් අසමත් වුනා කියලා. එක්තරා ගුරුවරයෙක්වන පුද්ගලයෙක් සහිතිකයක් දාලා තියනවා W 09ක්. අපේ කාලෙ W කියන සංකේතයක් විභාගයෙ සාමාර්ථ හඳුන්වන්න තිබුනෙ නෑ.

ඒ වගේම මම මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල වකවානුව තුළ ස්කූල් ඉයර් බුක් මෙතන තියනවා. මම 1984 වසරේ නිවාස ශිෂ්‍ය නායකයෙක්. 85 වසරේ පාසල් ශිෂ්‍ය නායකයෙක්. 83 84 85 86 වසර හතරෙම පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. 85 වසරේ ක්‍රිකට් කණ්ඩායමේ ලේකම්. 86 වසරේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. එ් සියල්ලකටම මේ ස්කූල් ඉයර් බුක්වල තියනවා

ඒ වගේම 86 වසර උසස් පෙළ විභාගයට පෙර අවුරුද්දේ මම උසස් පෙළ හදාරපු විෂයයන් 3න් දේශපාලන විද්‍යාවට සහ ව්‍යාපාර අධ්‍යයනයට ස්කූල් ප්‍රයිස් මට හිමි වුනා. ඒ වගේම මගේ උසස්පෙළ ප්‍රතිඵල බී 2ක් සහ සී 1ක්. ඒ විභාගය පැවැත් වුනෙත් ඔක්ස්ෆර්ඩ් ඇන්ඩ් කේම්බ්‍රිජ් ස්කූල්ස් ඇසෝසියේටඩ් එග්සැමිනේෂන් බොඩ් කියන ඒකාබද්ධ මණ්ඩලයෙන්.

ඒ විභාග ප්‍රතිඵල මුල් කරගෙන උපාධිය හදාරන්න යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් එකට අනුබද්ධ ලන්ඩන් කොලේජ් ඔෆ් එකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයනස් විද්‍යාලයට ඇතුළත් වුනා. ඒ විද්‍යාලයේ මම උපාධිය හදාරලා 1991 වසරේ උපාධිය සම්පූර්ණ කළා.

මම ඊලඟට ඉල්ලුම් කරනවා යුනිවර්සිටි ඔෆ් මේරිලන්ඩ් කොලේජ් පාර්ක් කියන විශ්වවිද්‍යාලයට. මම ලබපු අධ්‍යාපන සුදුකම් මත මාස්ටර් ඔෆ් පබ්ලික් මැනේජ්මන්ට් කියන පශ්චාත් උපාධි පාඨමාලවට. මම 91 -92 වසරේ මාස්ටර්ස් ප්‍රොග්‍රෑම් එක කරනවා. විෂයන් 8න් 6කට ඒ සාමාර්ථ. විෂයයන් 2කට බී සාමාර්ථ. නමුත් 1993 මැයි 01 වැනිදා මගේ පියාගේ අභාවයත් සමග අධ්‍යාපනය නවත්වලා දාලා මම රටට ආවා.

ඇමරිකාවේ වසර 2ක් අධ්‍යයන කාලය තුළ සෙනෙට් සභිකයෙක් ලඟ ස්වේච්ඡා ඉන්ටර්න් කෙනෙක් ලෙස මම වැඩ කළා. නැවත මම මගෙ පශ්චාත් උපාධියක් ගැන කල්පනා කරන්නේ 2020න් පස්සේ. මම ලංකාටව ආවට පස්සේ වර්ෂ 2021 – 22 විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. විවෘත විශවවිද්‍යාලයේ ආචාර්ය වරියක ලෙස කටයුතු කරපු ගරු අගමැති තුමියත් දන්නවා මොන පදනමක් සහිතව ද විවෘත විශ්වවිද්‍යාලයට පශ්චාත් උපාධියක් සඳහා බඳවා ගැනීම සිදුකරන්නේ කියලා.

මම මාස්ටර්ම් ඔෆ් සයන්ස් ඔෆ් එන්වයරමන්ටල් සයන්ස් කියන කෝස් එකට තමයි ලියාපදිංචි වෙන්නේ. ඒක මාස්ටර්ස් ප්‍රොග්‍රෑම් එක. මම ඇතුළුවන දෙවැනි මාස්ටර්ස් ප්‍රොග්‍රෑම් එක. මට අවස්ථාවක් තිබුණා ඇමරිකාවේ ලබා ගත් පශ්චාත් උපාධියෙ සෙග්මන්ට් ඉදිරිපත් කරලා කරලා මාස්ටර්ස් එකේ සෙග්මන්ට් අඩු කරගන්න. මම එහෙම හිතුවෙ නෑ. මම හිතුවා අලුතින්ම පශ්චාත් උපාධිය කරන්න ඕන කියලා. විපක්ෂ නායක කමත් කරන ගමන් තමයි මම ඒක කළේ. බොහොම අමාරු කාලයක්. මට වසර දෙක පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වුනා.

අගමැති තුමිය… ඔබතුමිය විසින් පවත්වපු ක්ලාසස් කීපයකටත් මම සහභාගී වුනා. ඔබ තුමිය හොඳ ගුරුවරියක්. ඒකත් මම කියන්න ඕන. විෂයයන් දෙකකට මුහුණ දිලා ඒ මයිනස් සහ ඒ ප්ලස් ග්‍රේඩ් එක ලැබුනා. 2022 සිට ඇති වූ තත්ත්වත් එක්ක ඉගනුම් කටයුතු එක දිගට ක්‍රියාත්මක කරන්න බැරි වුනා.

සමාජ මාධ්‍යවල විවිධ ප්‍රශ්නකිරීම් විවේචන තිබුණා. නලින්ද ජයතිස්ස ඇමති තුමා මගෙන් ප්‍රශ්න කරනකම් මම හිතුවේ නෑ මේක ඒ තරම් සංකීර්ණ දෙයක් කියලා. ඉතින් නලින්ද ජයතිස්ස අපේ ඇමති තුමා මේ කාරණාව ඊයෙ දවසෙ මතු කරපු නිසා මම හිතුවා මේක මගේ යුතුකමක් කියලා මේ සභාවේදීම හෙළි කරන්න.

මේ කියන හැම දේටම වග කියනවා. මේ කියපු කිසිම දෙයක බොරුවක් තියනවා නම් මම මන්ත්‍රීකමිනුත් විපක්ෂ නායක කමිනුත් අස් වෙලා දේශපාලයෙනුත් අයින් වෙනවා.”

අවසානයේ දී විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේය.

“කවුරුත් හරි ප්‍රශ්න කළොත් කියලා උප්පැන්න සහතිකයත් මම අරන් ආවා. ” ඔහු උප්පැන්න සහතිකය පෙන්වමින් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුන් මොන මිනිස්සු ද?… මද්දක් අටවා කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්!

Next Post

රනිල් නාම යෝජනා භාර දෙන දවසේ ඔහුට සුබ පතන්න රාජකාරි වෙලාව තුළ ලංගම බස් එකක් අරන් හොරණ සිට කොළඹ ආපු හොරණ ඩිපෝ කළමනාකරු ඇතුළු 06කගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.