සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදහන් වූ ගැහැණු දරුවන් තිදෙනෙක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙසේ අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

වර්ෂාව හේතුවෙන් උපරිම ධාරිතාවෙන් පිරී ඇති වැවේ මැද දී මෙම ඔරුව පෙරළී ගොස් ඇත්තේ විනෝදයට ඔරු පදින්නට ගිය කණ්ඩායමක් සමගය.
කුරුණෑගල ප්රදේශයේ පදිංචි මෙම පිරිස ඥාතියෙකුගේ උත්සවයකට සහභාගී වීමට මෙම ප්රදේශයට පැමිණි ඇවස්ථාවේ දී මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන කුඩා ඔරුවක මෙම බෝට්ටු ගමන ගොස් ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ දී පුද්ගලයින් 08 එම කුඩා බෝට්ටුවේ ගමින් සිට ඇත. ඒ අතර සිඟිති බිළිඳියක් ද ඉඳ තිබේ. බිළිඳු දරුවා ඇතුළු 05 දෙනෙක් ප්රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර තිබේ.
පොලිසිය කියන්නේ මාළු අල්ලන කුඩා බෝට්ටුවක 08 දෙනෙක් අනාරක්ෂිතව ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය. .
තවමත් මෙහෙයුම් කටයුතු සිදුවේ.







