බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ ඇමති දිනේෂ්  යුරෝපා සංගම් තානාපපතිවරුන් හමුවී ආනයන තහනම ගැන පැහැදිලි කරයි…

by editor
නොවැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ආනයන තහනම පිළිබඳව යුරෝපා සංගමය සහ යුරෝපීය රටවල් කිහිපයක නොසතුටට පළ කිරීම පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   යුරෝපා සංගම් දූත පිරිස  සහ එම රටවල තානාපතිවරුන් පෙරේදා (18) සවස විදේශ අමාත්‍යංශයට කැඳවා ඊට හේතු පැහැදිලි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකව මේ වනවිට මුහුණ දී තිබෙන විදේශ සංචිත පිළිබඳ අභියෝගය පිළිබඳව කරුනු පැහැදිළි කර ඇති අතර එම තත්ත්වය වර්ධනය වීමත් සමඟ අදාළ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන  වග විදේශ දූත පිරිස වෙත කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. 

 

ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ කොළඹ සිටින යුරෝපා සංගම් දූත පිරිස විදේශ අමාත්‍යංශයේ දී හමුවූ අවසථාවේ ඔවුහු  වෙළඳ, ආයෝජන සහ සංචාරක අංශයේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙනයාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා  සිය කැමැත්ත යළි තහවුරු කළහ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

යුරෝපා සංගම් වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාව සිදුකරන යුරෝ බිලියන 2.3 ක් වටිනා අපනයන, අඛණ්ඩව වර්ධනය වෙමින් යුරෝපා සංගමයේ ජීඑස්පී + වෙතින් ප්‍රතිලාභ ලබන බවත්, එමඟින් අපනයන නිෂ්පාදන කාණ්ඩ 6,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් එම තානාපතිවරු පෙන්වා දී තිබුණහ. මේ සම්බන්ධයෙන්, මෑතකදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් සහ ඒවා අවලංගු කෙරෙනු ඇති කාල සීමාවන් පිළිබඳව පැහැදිලි කිරීම් තානාපතිවරු ඉල්ලා සිටියහ.

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය හා විදේශ මුදල් සංචිතය සම්බන්ධයෙන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන පැහැදිලි කළේය. අප ඉදිරියට යන විට, මෙම ආනයන සීමා සමාලෝචනය කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

 

විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ  සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 04ක්… දැනට මරණ 73යි..

Next Post

සියවසක කතාව අලුත් කර පෑලියගොඩට විතැන් වුණු මැනිං ගේ සීනි ගබඩාව

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.